
මෑතකදී මුහුදුබත් වූ එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවෙන් රසායනික ද්‍රව්‍ය කාන්දු වීම නිසා සිදුව තිබෙන ජල දූෂණය නිසා ඔවුන්ගේ එකම ජීවනෝපාය මාර්ගය වන ධීවර කර්මාන්තයට ප්‍රබ පහරක් එල්ලවී තිබෙන බැවින්, මසුන් මැරීමෙන් එදිනෙදා ජීවිකාව සහ අදායම් මාර්ගයන් අහිමිවීම පිළිබඳව විසඳුම් සෙවීමට හා වන්දි ගෙවන ලෙස බටහිර වෙරළ තීරයේ වෙසෙන ධීවරයින් රජයෙන් ඉල්ලා සිටී.
මුහුදුබත් වූ එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවෙන් ජලයට කාන්දු වී තිබෙන රසායනික ද්‍රව්‍ය මසුන් ඇල්ලීමට බරපතල ලෙස හානි කර ඇති බැවින්, සහ එමගින් මසුන් මැරී මුහුදු වෙරළේ ගොඩ ගැසීමට පටන්ගෙන තිබෙන නිසා ඔවුන්ට මසුන් ඇල්ලීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව මෝදර මෙන්ම අනෙකුත් වෙරළබඩ ප්‍රදේශයේ වෙසෙන ධිවරයින් අවධාරණය කරයි. බොහෝ රජයේ නිලධාරීන් එම ස්ථානයට ගියද ඔවුන්ගේ ගැටළු විසඳීමට ඔවුන් තැකීමක් නොකළ බව ඔවුහු පෙන්වා දුන්හ.
Source - A24 News
Comments
Post a Comment
Your comment will be visible after approval