
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා යටතේ නිශාරා ජයරත්න මෙනෙවිය කටයුතු කළ නීතිපති සම්බන්ධිකරණ නිලධාරි තනතුර අහෝසි කර ඇත.
නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් (පරිපාලන) චේතිය ගුණසේකර මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයකින් මෙම තනතුර අහෝසි කර තිබේ. නීතිපති සම්බන්ධිකරණ නිලධාරි තනතුර පිහිටවූ 2019 අංක 28 චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ බවත්, නීතිපතිවරයාට සම්බන්ධීකරණ නිලධාරියකු නොමැති බවත් එම චක්‍රලේඛයේ සඳහන්ව ඇත.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා සිය ධුර කාලය තුළ සමබන්ධකරණ නිලධාරි තනතුරක් නිර්මාණය කළ අතර, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පසුගිය දෙවසරකට ආසන්න කාලයක් එම ධුරයේ කටයුතු කළාය. දප්පුල ද ලිවේරා මහතා නීතිපති ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිත දිනට පෙර ජයරත්න මෙනවිය ඉකුත් 24 වැනිදා නීතිපති සම්බන්ධිකරණ නිලධාරි තනතුරෙන් ඉවත් වූ අතර, ඇය රජයේ නීතිඥවරියක ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ තවදුරටත් සේවය කරයි.
(තිළිණි ද සිල්වා)
Comments
Post a Comment
Your comment will be visible after approval