
ගතවූ දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 444ක් වාර්තා වු බවය.
ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් ලෙස රාගම 98ක්, වත්තල 58ක්, නිට්ටඹුව 26ක්, මහර 35ක්, කැලණිය 32ක්, කටාන 42ක් හා දොම්පේ 43ක් සඳහන් ව ඇත.
මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් 414ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 392ක්, කළුතර 252ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 206ක් හා යාපනයෙන් 113ක් ලෙස වාර්තා වී තිබේ.
කොළඹ දිස්ත්‍රික්කය තුළ වැඩිම ආසාදිතයින් පිරිසක් ලෙස අවිස්සාවේල්ලෙන් ආසාදිතයින් 68ක් වාර්තා වී තිබේ.
ඊට අමතරව, බොරලැස්ගමුවෙන් 17ක්, හංවැල්ල 15ක්, හෝමාගම 18ක්, කහතුඩුව 36ක්, කොහුවල 13ක්, කොස්ගම 12ක්, මොරටුව 26ක් හා ගල්කිස්ස 18ක්, නවගමුව 20ක්, පාදුක්ක 19ක් හා වැල්ලම්පිටියෙන් 20ක් ලෙස වාර්තා වී තිබේ.
මහනුවර පුස්සැල්ලාවෙන් ආසාදිතයන් 69ක් , කළුතර මිල්ලනියෙන් ආසාදිතයන් 45 ක්, රත්නපුර නිවිතිගලින් ආසාදිතයන් 85 ක් , රත්නපුර නගරයෙන් ආසාදිතයන් 70 ක් වාර්තා වී තිබේ.
ඊයේ ආසාදිතයින් වාර්තා වු දිස්ත්‍රික්ක







Comments
Post a Comment
Your comment will be visible after approval