
රුපියල් බිලියන 3.7ක මුදලක් වැයකරමින් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම ගැන ආන්දලෙනාත්මක විවේචන දැන් පළව තිබේ. නමුත් රටට ලැබෙන ණය පහසුකමක් හරහා මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සදහා වාහන ආනයනය කරන නිසා වාහන මෙරටට ගෙන ඒමෙන් රටට පාඩුවක් නොවන බව අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මාධ්‍ය වෙත පැවසීය.
“මේක වැරදි වැටහීමක්. මේක ක්‍රෙඩිට් ලයින් එකක්. මේක අපි නෙමෙයි ගිය ආණ්ඩුවෙන් ගත්ත ක්‍රෙඩිට් ලයින් එකක්. අපි ඒ ක්‍රෙඩිට් ලයින් එක පාවිච්චි කලේ නැත්නම් ඒක අපතේ යනවා. අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන. ඒකෙන් අපේ ආණ්ඩුවට ණය බරක් එන්නේ නෑ. සිංහලෙන් කියනවනම් අපි ඒ ණය අපතේ නොහැර වාහන ගෙන්වන එක සුදුසුයි කියන එකයි මගේ අදහස”
Comments
Post a Comment
Your comment will be visible after approval