මාලිලා ටාමිලා ගැන අපි කතා කර කර ඉන්නවා.. තව ඒවා දැක්කා. නැවේ ඇතුළත'' උෂ්ණත්වය 85% යි වගේ ඒවා.. කාව හිනස්සන්න කියනවද කියලා අපි දන්නේ නෑ. අපි මාලි ටාමි හොය හොය ඉන්න වෙලාවේ මං බැලුවා මොනවද ලෝකේ කතා වෙන්නේ කියලා. ලෝකෙ කතාවෙ නම් මාර මාතෘකා තොගයක් . මේ ගැනත් ඔබ හොයන්න .සමහර ඒවා අපිට විද්වතුන් එක්කත් කතා කරන්න වෙනවා. නමුත් ලෝකේ විද්වතුන් මේවා කරලියට ගෙන හැරලා තියෙනවා. ඒවා ඇතුලේ ලොකු ලොකු වාද විවාද යනවා. උදාහරණයක් විදියට කිව්වොත්  mask දාන එකේ දීර්ඝකාලීන බලපෑම මිනිස්සුන්ට කොයි වගේ වෙයිද? මේ මෑතකම සිද්ධියක් හුවමාරු වුනා මතක ඇති.. අපේ සුප්‍රසිද්ධ නිලියකගේ ස්වාමිපුරුෂයා mask එක දාගෙන ඇවිදලා.. මම දන්නෙ නෑ ඒකෙ අවසාන ප්‍රතිඵලය හැටියට මොකක්ද වාර්තා වුණේ කියලා .ගොඩක් අය සැක කලා මාස්ක් එක දාගෙන ඇවිද්ද නිසා ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණාද එකපාරට හිතාගන්න බැරි වෙලාවක කියලා. ඔක්සිජන් කියන එක හරිම තීරණාත්මක සාධකයක්.




 ළමයින්ට සෙල්ලම් කරන්න පිට්ටනියක් නැත්නම් ඔක්සිජන් කන්නද වගේ ආපු මිනිස්සු කොහෙත් දන්නෑ ඉන්නේ දැන්.. දැන් ඔක්සිජන් චීනෙන් ගෙන්නන්න, අරහෙන් ගෙන්නන්න මෙහෙන් ගෙන්නන් අපි කතා කරනවා .ඕවට උත්තර ස්වභාධර්මය විසින්ම පම්ප් කරල දීල තියෙනවා බලාගන්න පුළුවන් අපිට. මුව ආවරණ වලින් මිනිස්සුන්ට දීර්ඝකාලීනව බලපෑමක් සිදු විය හැකිද?  පිටරටවල් වල වෙන වෙන රටවල් වල කතා කරන ඒවා සෞඛ්‍ය බලධාරීන් ,නිළධාරීන්. දෙන එන්නත නිසා වෛරසය වෙනස් විය හැකිද ? මේක virus එක muted වෙනවා කියනවා. වෛරසය විකෘති වෙනවා. අපි එක වයිරස් එකක් දිහා බලාගෙන එන්නත හදනවා දුන්නට පස්සේ වෛරසය මම දන්නෙ නෑ කෝමහරි virus එක හරි ඉන්ටෙලිජන්ට් .



ඒකයි මේ අහුවෙන්නේ නැත්තෙ.virus එක වෙලාවේ හැටියට තැනේ හැටියට වෙනස් වෙනවා .අපේ ගොඩක් මිනිසුන්ට කරගන්න බැරි එකක් .ගොඩක් මිනිස්සු තැනේ හැටියට වෙනස් වෙන්න දන්නෙ නෑ .වෙලාවේ හැටියට, තැනේ හැටියට, වැඩේ හැටියට මේ press conference එකේදි මම ද කතා කරන්න ඕනේ. නැත්නම් ඒකට අදාළ විශේෂඥ කතා කරහම නේද හොඳ.. නෑ නෑ එහෙම වුනොත් ඒ මිනිහට ලකුණු වැටෙන්නේ මාර කෙළියත් මම ම කතා කරනවා. ඒ  virus එක පැත්තෙන් මම කිව්වේ. virus එක මොළකාරයා .මිනිහා බලබල වෙනස් වෙනවා. දැන් මේ අදහසක් ඇවිල්ල තියෙනව ලෝකෙ දැවැන්ත අදහසක්..

ලබාදෙන එන්නත් නිසා වෛරසය විකෘති වෙලා අලුත් ප්‍රභේද හැදීමේ අවදානමක් ?බලන්න මිනිස්සු කතා වෙන ඒවා. PCR කිරිමේ දිගු කාලීන ආදීනව තියෙනවද නැද්ද? හොයලා බලන්න .මේවත් සමාජ මාධ්‍ය අද යනවා මිනිස්සු ටික් ටොක් පාවිච්චි කරනවා ඔන්න ඕවා කතා කරන්න .ජනප්‍රියම මාධ්‍යය භාවිතා කරනවා මිනිස්සු අතර සංවාදයක් ඇති කරන්න.. ඉතිං අපි යෝජනා කරනවා බලන් කඩතුරා හැර දෑසේ..

උපුටා ගැනීම -ඩීජේ අරා (සියත එෆ් එම් - Good Morning අරවින්ද with ආශ්චර්යා)