
කොරෝනා අවදානම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබෙයි.
කොවිඩ් -19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින්ට මෙම තහනම පනවා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල පුද්ගලයින්ට ද බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර තිබෙයි.
කෙසේ වෙතත් අදාළ රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින් බහරේන්හි පුරවැසිභාවය ලබා ඇත්නම් ඔවුන්ට මෙම තහනම බලනොපාන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval