
ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්ට තරයේ අවවාද කර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබෙයි.
ඖෂධ නියාමන අධිකාරීයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් සිදු කළ පැමිණිල්ලකට අදාලව ඔහු අත්අඩංගුවට ගෙන තිබුනේ ඇස්ට්‍රාසනිකා එන්නත මිශ්‍ර කර ලබාදෙන බවට ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරක් ප්‍රචාරය කළ නිසා යයි පොලිසිය මීට පෙර පවසා තිබුණි.
කෙසේ වෙතත් ඊට පෙර වාර්තාවී තිබුනේ ඔහු රාජ්‍ය ඇමති චන්න ජයසුමනට අයත් කෝට්ටේ නිවසක් ගැන හෙළිදරව්වක් කළ බවකි.
ඊයේ රාත්‍රී එක්වරම පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු ඊයේ රිමාන්ඩ් භාරයේ පොලිසියේ තබාගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙයි.
ෆේස් බුක් ගිණුමේ හා යූටියුබ් නාලිකාවක සිදු කළ ප්‍රකාශයක් මත මොහුව අත්අඩංගුවට ගෙන තිබුණ අතර පවුලේ අය දන්වා තිබුනේ අත්අඩංගුවට ගන්නට ආ අය අතේ කිසිදු වරෙන්තුවක් හෝ හැඳුනුම්පතක් නොතිබුණ බවත් පැහැරගැනීමක් යයි මුලින් උපකල්පණය කළ බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval