apple-iphone12-pace-maker-issue

ඇපල් අයිෆෝන් 12 නවතම මාදිලිය ලොව පුරා අඛණ්ඩව විකුණුම් වාර්තා බිඳ දමමින් පවතින අතර,  නව අධ්‍යයනයක් මගින් දුරකථන සැලකිය යුතු සෞඛ්‍ය අවදානමක් ඇති බවට අනතුරු අඟවා තිබේ. 

ඇමරිකානු හෘද සංගමයේ ජර්නලය (ජාහා) මේ සතියේ මෙම සොයාගැනීම ප්‍රකාශයට පත් කර ඇති අතර ඔවුන් උපුටමින් ෆෝර්බ්ස් සඟරාව පවසන්නේ සෑම අයිෆෝන් 12 මාදිලියක් තුළම පිහිටුවා ඇති චුම්බක ආරෝපණ පද්ධතිය වන ‘මැග් සේෆ්‘ නිසා ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම් තත්වයකි.
දුරකථනයේ මැග් සේෆ් අග්‍ර පිහිටා ඇති වළල්ල හා බාහිරව එය ස්පර්ශ කරන විද්‍යුත් චුම්බක කවාකාර ගැජට්ටුව අතර ස්පර්ශය මගින් දුරකථනය විද්‍යුත් ආරෝපණයට ලක් කෙරෙන අතර දුරකථනයේ ඇතුළත පිහිටා ඇති අග්‍ර හැමවිටම විද්‍යුත් තරංග සමග සක්‍රීයව සංවේදීවේ.


මෙම සංවේදීතාවය ස්පන්ධන රටාවන් අවිදිමත්ව පවතින හෘද රෝගීන්ගේ පපුව තුළ පිහිටුවා ඇති පේස්මේකර් හා ඩිෆයිබිලේටර්ස්  ( pacemakers and defibrillators) ‘මැෂින්‘ සමග සෘජුව ප්‍රතික්‍රියා දක්වන්නට සමත් බව අනාවරණයවී ඇත.
ඒ මගින් අදාළ රෝගීන්ගේ ‘මැෂින්‘ අවිදිමත් ලෙස වෙනස්කම්වලට ලක්වීමේ අවදානමක් පවතින අතර ඔවුන්ගේ රෝග තත්වයන් වැඩි කිරීමට එය සෘජු ලෙසම බලපානු ඇත.
ජාහා නිගමනය කළේ අයිෆෝන් 12 පරාසය මගින් මෙම “ජීවිතාරක්ෂක ප්‍රතිකාරය වළක්වාලීමේ හැකියාව ඇති” බවයි. 10 G [ගෝස්] තරම් කුඩා චුම්බක ක්ෂේත්‍රයක් මගින් CEIDs කඩාකප්පල් කළ හැකි බව JAHA පවසා ඇති අතර iPhone චුම්භක සෘජු සම්බන්ධතාව 50 G ට වඩා වැඩි වීම නිසා එම ප්‍රබලතාව උපරිම වේ.
අයිෆොනයක් පේස්මේකර් සහිත අයෙකුගේ උඩුකය වැසෙන ඇඳුමක සාක්කුවේ දමාගෙන යාමෙන් මෙම අවදානම් තත්වය මතුවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.


මේ නිසා එවැනි අය සැලකියයුතු දුරකින් අයිෆොන් ළඟ තබා ගත යුතු බවටත් රැහැන් රහිතව ආරෝපණය කරන්නේ නම් සිරුරින් අඟල් 6 ට වඩා වැඩි දුරක් තබාගන්නා ලෙසත් දන්වා ඇත.

ඇපල් සමාගම එම සොයාගැනීම් වලට ප්‍රතිචාර දක්වා ඇති මුත් අවදානම අවතක්සේරු කර තිබේ.
 “සියලුම අයිෆෝන් 12 මාදිලිවල පෙර අයිෆෝන් මාදිලිවලට වඩා චුම්බක අඩංගු වුවද, වෛද්‍ය විද්‍යාත්මකව හැනිවිය හැකි චුම්භක ක්ෂෙත්‍ර අවම වන ලෙස නිපදවා ඇතැයි” ඔවුන් දන්වා ඇත.
ජහාගේ පර්යේෂණය,  ඇපල්ගේ ප්‍රකාශය විවාදයට ලක් කරයි: සෑම වසරකම ලොව පුරා මිලියනයකට අධික පේස්මේකර් බද්ධ කරනු ලබයි.