
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව වෙළඳ නැව් මහලේකම් කාර්යාලයේ විශේෂ නාවික කණ්ඩායමක් විසින් ගිලෙමින් පවතින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වොයේජ් දත්ත රෙකෝඩරය (VDR) නොහොත් කළු පෙට්ටිය (Black Box) සොයාගෙන තිබෙනවා. (Black Box) සොයාගෙන තිබෙයි.
විශේෂ කිමිදුම් මෙහෙයුමකින් අනතුරුව එය නෞකාවෙන් ගලවා ගොඩගෙන ඇති අතර එය
නාවික හමුදාව විසින් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.
නෞකාවක ගමන අතරතුර සිදුවන සියළු සන්නිවේදනයන් මෙම VDR උපාංගය තුළ සටහන්වන අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වරායන් සමග සහ සිය සමාගම සමග සිදු කළ සන්නිවේදනයන් පිළිබඳ අනාවරණය කර ගැනීමට මෙමගින් හැකිවනු ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නෞකාවෙහි කාර්ය මණ්ඩලයෙහි ප්‍රකාශ දැනටමත් ලබාගෙන තිබෙයි.


Comments
Post a Comment
Your comment will be visible after approval