uru-juwa-shot-dead-by-police

මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම සහ සංවිධානත්මක අපරාධ රැසකට සම්බන්ධයෙන් මාමුලගේ දිනෙත් මෙලාන් මාමුල හෙවත් “උරුජුවා” නැමති අපරාධකරු නවගමුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.



සඳුදා දිනයේදී මෙම සැකකරු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර පසුව අඟහරුවාදා නවගමුව, වඳුරාමුල්ල ප්‍රදේශයට විමර්ශන කටයුත්තක් සඳහා රැගෙන ගොස් ඇති අතර එහිදී ඇතිවූ සිදුවීමකදී පොලිසිය විසින් වෙඩි තබා බලය පාවිච්චි කිරීමක් සිදුකර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඌරු ජුවා, රණාලේ සමයංට අයත්ව තිබූ බව කියන වඳුරම්මුල්ලේ පිහිටි පාළු ගෙයක් පරීක්ෂා කිරීමට ගෙන ගොස් ඇති අතර එහිදී ඇතිවූ සිද්ධියකින් ඔහු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

සිදුවීමෙන් මුලදී තුවාල ලැබූ සැකකරු නවගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව ඇති බවත් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.



ඌරුජුවා දැඩි ලෙස කෝපයට පත්වන චරිතයකි. මොහුට නිතරම ඌරුජුවල් යන නිසා ඌරුජුවා යනුවෙන් කාලයක පටන් හිතවතුන් හඳුන්වනු ලැබූහ. දිනිත් මෙලාන් මාබුල ඌරුජුවා වූයේ ඒ ආකාරයටය.
රණාලේ සමයා ඝාතනයට ලක්වීමෙන් පසු කඩුවෙල, නවගමුව, අතුරුගිරිය, මාලඹේ ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන්ගෙන්, ධනවත් පුද්ගලයන්ගෙන්, ව්‍යාපාරික ස්ථානවලින් කප්පම් ලබා ගැනීමට ඌරුජුවා කටයුතු කර තිබූ අතර දිගුකලක්  සිරගතව සිටි අයෙකි. ඔහු දිගින් දිගටම පාතාල කටයුතු වල නියැළුණ බව කියැවේ.පාතාල කල්ලි අතර ගැටුම් නිසා ඔහු හා ගොලයින් විසින් මනුෂ්‍ය ඝාතන කිහිපයක්  සිදු කර ඇති බවටද තෙරතුරු පැවතිණි.

ඔහුගේ මරණය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළේ පහත පරිදිය.