travel-restriction-date-change

පලාත් අතර සංචරණ සීමා පැනවීම සම්බන්ධ ඊයේ ජනපති මාධ්‍ය ඒකකය මගින් පළ කළ නිවේදනයේ එය පැනවීම ලබන 30 වනදා දක්වා සිදුවන බව කීවත් එය පැනවීම ආරම්භ කරන දිනය නිශ්චිතව පළ නොවීය.
නමුත් නිවේදනය ඉදිරිපත් කළ ආකාරය සලකා සියලුම මාධ්‍ය තේරුම් ගත්තේ ඊයේ රෑ සිටම එය බලගන්වනු ඇති බවය.


බස් රථ ධාවනයද ඊයේ රෑ සිටම නවතා දැමීම නිසා සංචරණය කරන්නට සිටින අයට පවා එය කළ නොහැකි තත්වයක් මතුවිය.
අද උදෑසන පළවූ පුවත්පත්වලත් සිරස්තලය ලෙස පළවූයේ මෙම දිනය ඊයේ රෑ සිට බවය.
කෙසේ වෙතත් අද උදෑසන යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා දන්වා ඇත්තේ මෙම නීතිය බලාත්මක වන්නේ අද අඟහරුවාදා රාත්‍රී එනම් බදාදා (12) ට එළිවෙන්න බවයි.
 එම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බවත් අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිවේදනය කරන බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.