
රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද (6) සිට ආරම්භ කරන බව ඔෂධ නිෂ්පාදනය, සැපයුම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කරයි.
ඒ අනුව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් එන්නත ලබාදීම ආරම්භ කිරීමට නියමිතයි.
අවුරුදු 30ත්, 60ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයින්ට මෙම එන්නත ලබාදීම සිදුකරන බව ඔහු කියා සිටියේය. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී 18,265 දෙනෙකුට ලබාදී ඇති අතර, මේ අනුව පසුගිය 28 වන දා සිට මේ දක්වා කාලය තුළ එම එන්නත එක්ලක්ෂ 57,551 දෙනෙකුට ලබාදී තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval