
ශ්‍රී ලංකාවේ තෝරාගත් ස්ථාන රැසක බහලුම් (Container) භාවිතයෙන් එළිමහන් කායවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීමට කැබිනට්. අනුමැතිය හිමි වී ඇත. ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමි වූ බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
මෙම යෝජනාවට අනුව දිවයින්නේ තෝරාගත් ස්ථාන 500ක මෙලෙස බහාලුම් ශරීර සුවතාට මධ්‍යස්ථාන පිහිටුවීමට යෝජනා වී ඇති අතර එහි පළමු අදියර ලෙසින් 2021 වර්ෂයේදීම ශ්‍රී ලංකාවේ තෝරා ගත් ස්ථාන 250ක එළිමහන් බහාලුම් ශර්ණ සුවතා මධ්‍යස්ථාන පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවද මෙහිදීදැනුම් දුන්නේය. මෙම කායවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීමට අමතරව එම ස්ථානවලට ක්‍රීඩා පුහුණුකරුවෙකු සේවයේ යෙදවීමටත්, ඒ මගින් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රීඩාවට ඇලුම් කරන පිරිසට ඒවායේ යෙදීමට හැකිවීම මෙන්ම ආසන්න වශයෙන් ලක්ෂයකට ආසන්න පිරිසකට මේවායේ සේවය ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බවද මෙහිදී කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දුන්නේය.
(ඕෂිත වරකපිටිය)
සම්බන්ධිත පුවත්
ලංකාවට ඇන්ටිජන් ගෙන්වන ජොර්ජ් ස්ටුවර්ට්ස් හේල්ත් කන්ටේනර් ජිම් ගෙන්වීම අරඹයි
Comments
Post a Comment
Your comment will be visible after approval