
සොරණාතොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඉඩමේගම වසමේ වෙන්දේසිකල ප්‍රදේශයට ආසන්නව සොරණාතොට තැන්නෙපංගුව මාර්ගය අසල තිබූ නාදුනන කාන්තාවකගේ සිරුරක් ඊයේ (10දා) උදෑසන සොයා ගත් බව පොලීසිය පවසයි.
ඊයේ අලුයම මෙම මරණය සිදුව ඇති අතර ඒ ආසන්නයේ වනඅලි ගැවසී ඇති බවට ලකුණු ඇති බැවින් මෙම කාන්තාව වනඅලියෙකුගේ පහරදීමකට ලක්ව ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි සැක කෙරේ.කෙසේවුවද වයස අවුරුදු 60 ක් පමණ වන මෙම කාන්තාව ඊයේ දහවල් වන තුරුත් හදුනාගෙන නොමැති අතර මරණය පිළිබද මහේස්ත්‍රාත් පරික්ෂණයක් සිදු කිරීමටද පියවර ගෙන තිබිණි. බදුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි
(හාලිඇළ - විජේරන්න රත්නායක )
Comments
Post a Comment
Your comment will be visible after approval