
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොරෝනා රෝගයට ධනාත්මක වීම නිසා ඔහුට සමීපව පසුගිය දිනවල කටයුතු කළ විශාල පිරිසක් රෝග අවදානම නිසා පීසීආර් පරීක්ෂන සදහා යොමුවීමට හා ස්වයං නිරෝධායනයට යොමුවීමට පටන්ගෙන ඇතැයි වාර්තාවේ.
රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා තමන් ස්වයං නිරෝධායනය වන බව මේ වනවිට දන්වා ඇත.
පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක ආසන්නයේම අසුන්ගන්නා කිරිඇල්ල මන්ත්‍රීවරයාට හා සජප විරෝධය අතර සමීපව කටයුතු කළ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට ඇතුළු තවත් විශාල පිරිසකට මෙම අවදානම මතුව තිබේ.
පසුගිය දිනවල කරාපිටිය රෝහලට උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනකටද විපක්ෂ නායකවරයා සම්බන්ධවීම නිසා ඒ හා ආශ්‍රිතයින්ද අවදානමට ලක්ව ඇත. ‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහන යටතේ කුළියාපිටිය රෝහලට රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනකටද විපක්ෂ නායකවරයා එක්විය.

Comments
Post a Comment
Your comment will be visible after approval