
රෝමයේ සුපිරි වෙළඳ සලක් ඉදිරිපිටදී සිය ශ්‍රී ලාංකික බිරිඳට පිහියකින් ඇන ඝාතනය කළ බව කියන ඇයගේ ශ්‍රී ලාංකික සැමියා ඉතාලි පොලිසිය විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
මෙසේ ඝාතනය කර ඇත්තේ 40 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකි. ඇයගේ සැමියා 49 හැවිරිදි අයෙකි. ඉතාලි මාධ්‍ය වාරිතාකර ඇති ආකාරයට සැකකාර සැමියා බිරිය සුපිරි වෙළඳසලට ගොස් එනතෙක් එය ඉදිරිපිට රැක සිට ඇත. සුපිරි වෙළඳසලෙන් බිරිය පිටතට පැමිණි අවස්ථාවේ දෙදෙනා අතර බහින් බස්වීමක් ඇතිවී තිබෙන බවත් සැමියා සඟවාගෙන සිටි පිහියකින් බිරියට කීපවරක්ම ඇන ඇති බවත් ඉතාලි මාධ්‍ය වාර්තාකර තිබෙන බව කියති. තුවාල ලැබූ කාන්තාව රෝමයේ රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බවට ඉතාලි මාධ්‍ය තව දුරටත් වාර්තාකර ඇතැයි එරටින් ලැබෙන ආරංචි මාර්ග කියයි.
(තිළිණි ද සිල්වා)
Comments
Post a Comment
Your comment will be visible after approval