
ජ්‍යෙෂ්ඨ පත‍්‍ර කලාවේදියෙකු වන රෝහණ වෙත්තසිංහගේ නවතම පරිවර්තන කෘතිය ‘අවුෂ්විට්සිහි නිවුන් සොයුරියෝ’ නමින් දැන් නිකුත්ව තිබේ.ගිය වසරේ ඉමහත් සේ ජාත්‍යන්තර පාඨක ප‍්‍රසාදය දිනූ ඊවා මෝසස් කෝර්ගේ 'The Twins of Auschwitz' ස්වයං චරිතාපදානය පාදක කරගෙන
මෙය ලියවී ඇත. ජෝශෆ් මෙන්ගෙලේ නම් දොස්තරවරයාගේ විකෘති පර්යේෂණ සඳහා යොදාගත් නට්සි කඳවුරුවල හිරවූ දරුවන් ගැන මින් කියැවෙයි. මෙහි කතා නායිකාව වන ඊවා සිය සොයුරිය සමග පර්යේෂණ සඳහා ගොදුරු වන්නේ අවුරුදු 10 දී ය.ඊවා පසුකලෙක යුදෙව්වන් වෙනුවෙන් පෙනී සිටි මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වෙයි. ඇය අවුරුදු 84ක් ම ජීවත්වීමද පුදුමයකි.‘අවුෂ්විට්ස් හි නිවුන් සොයුරියෝ’ දෙවැනි ලෝකයේ මෙතෙක් නුදුටු පැත්තක් ගැන හෙළි කරයි.මෙය රෝහණ ගේ සිව්වැනි පරිවර්තන කෘතිය යි. ඔහු මින්පෙර පරිවර්තනය කරන ලද ‘ඒරන්ගේ ලෝකය (2018) ගිනිගත් සඳ (2019) ජීවිතය යළි ලදිමි (2020) යන කෘති තුනම ඉමහත් පාඨක ප‍්‍රසාදයක් දිනාගති.‘අවුෂ්විට්සිහි නිවුන් සොයුරියෝ’ නුගේගොඩ සරසවි ප‍්‍රකාශනයකි
Comments
Post a Comment
Your comment will be visible after approval