
රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස හිටපු අමාත්‍ය සහ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කර තිබේ.
රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ශ්‍රීලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ලෙස පත් කිරීමෙන් පසු හිස්වූ සභාපති ධුරයට රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කර ඇත.
ඒ මහතා අද එම සංස්ථා කාර්‍යාල පරිශ්‍රයේදී රාජකාරි ඇරඹීය.
මුල්කාලයේ ජනප්‍රිය ඉංග්‍රීසී උපකාරක පන්ති ගුරුවරයෙකුවූ කුරේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු , අමාත්‍ය වරයෙකු මෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාර ලෙසත් කටයුතු කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval