
ඔස්ට්‍රේලියාවේ ඉහළ ජනගහනයක් සහිත ප්‍රාන්තය ලෙස සැලකෙන නිව්සවුත් වේල්ස් ප්‍රාන්තය තුළින් දේශීයව හඳුනාගත් COVID-19 ආසාදිතයෙකු හමුවී ඇතැයි වාර්තතාවෙයි. පසුගිය මාර්තු මාසයේදී එම ප්‍රාන්තයෙන් අවසන් වරට දේශීයව හඳුනාගත් COVID-19 රෝගියාට අනතුරුව ආසාදිතයෙකු වාර්තවූ පළමු වැනි අවස්ථාවද මෙය වෙයි. මෙම ආසාදිතයා වයස අවුරුදු 50ක් පමණ වන අයෙකු බව පැවසෙයි.
මොහු හා ප්‍රාන්තයේ ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථානයක් අතර සබඳතාවක් පිළිබදවද බලධාරින් විමසා ඇති අතර, එවැන්නක් හදුනාගැනීමට හැකියාව ලැබී නැත. විදේශයන්හි සිට පැමිණ වෛරස ආසාදිත බවට හඳුනාගන්නා රෝගීන් වෙනුවෙන් මෙම නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙයි.
එරට වාර්තාවලට අනුව මෙම ආසාදිත පුද්ගලයා ආසන්න දින කිහිපයේදී සිඩ්නි නුවර ස්ථාන කිහිපයකටම ගොස් තිබේ. සිඩ්නි නුවර එම ප්‍රාන්තයේ මෙන්ම ඔස්ටේ‍්‍රලියාවේ විශාලතම නගරය ලෙසින්ද සැලකෙයි. පසුගිය අප්‍රේල් 30දා සිටම ඔහු ආසාදිතයකුව සිටින්නට ඇතැයි බලධාරීන් පවසයි.