
මොරටුව අලුත් ගාලුපාර පදික වේදිකාවේ වයස අවුරුදු පනහක පමන වන පුද්ගලයෙක්(11) වැටී සිටින
බවට සුවිසැරිය ගිලන්රථ සේවයට ප්‍රදේශවාසීන් විසින් සිදු කරනු ලැබූ දැනුම්දීමට අනුව එහි කාර්ය
මණ්ඩලය එම වැටී සිටි පුද්ගලයා පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇතැයි පවසයි.
මොහු කාගේ කවුරුන්ද යන්න මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳව අප මොරටු
පොලිසියෙන් විමසූ අතර ඔවුන් පැවසූයේ අදාල පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට පරීක්ෂණ
ආරම්භ කර ඇති බවයි.
මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂාවෙන් අනතුරුව මියගිය අය පානදුර මූලික රෝහල මූලික රෝහලේ මෘත
ශරීරාගාරයට සැලසුම්කර ඇති බවත් පොලිසිය පැවැසීය.
මැරී වැටී සිටි පුද්ගලයා කොරෝනා ආසාදිතයෙක් දැයි දැන ගැනීමට පි.සී.ආර් පරීක්ෂණයක් සඳහා මෘත
දේහය යොමු කිරීමට නියමිතව බවද සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
(මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා)
Comments
Post a Comment
Your comment will be visible after approval