
මිරිහාන පොලිසියේ රථවාහන අංශයේ කොරිඩෝව අසලදි පුද්ගලයකු ඇද වැටී මියගොස් ඇතැයි මිරිහාන පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ නුගේගොඩ මිරිහාන එක් වත්ත පාර ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා අනතුරක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට පැමිණ අනෙක් පාර්ශ්වයට ''ඔයා ඩ්‍රයිවර් කෙනෙක්ද?" යනුවෙන් කතාව ආරම්භ කිරිමත් සමගම ඇස් දෙක උඩට ගොස් එකවරම බිම ඇද වැටී ඇති බව පොලිසිය කියයි..
මියගිය පුද්ගලයාගේ පුතා පොලිසියට පැමිණිල්ලක් කරමින් තම පියා ඇද වැටුණේ අනෙක් පාර්ශ්වයේ කෙනකු තල්ලු කිරීම හේතුවෙන් බවට පැමිණිලි කර ඇත.
මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර පී.සී.ආර්. පරික්ෂණ පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතය.
(බිමල් ශ්‍යමන් ජයසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval