megan-markle-book

සසෙක්ස්හි ආදිපාදිවරිය වන  මෙගාන් මාර්කල්  විසින්  "බංකුව” යන නමින් ළමා කතන්දර පොතක් රචනා කර ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.  පියකු සහ පුතකු අතර වන බැඳීම, මවකගේ ඇසින් එම පොතට අන්තර්ගත වෙයි. මෙගාන් විසින්, සිය සැමියා හැරි කුමරු සහ පුතු ආචි පිළිබඳව ලියූ කවියක් මේ ළමා කතන්දර පොත ලිවීමට තමන්ට පසුබිම වුණැයි මෙගන් කියයි. නූතන පවුල් සංස්ථාවේ, පියපුතු බැඳීම, ආදරය හටගන්නා පරිසරය, විවිධ පැති ඔස්සේ මේ ළමා පොතේ කතාන්දරය ගලා යයි. වයස අවුරුදු තුනේ සිට හත දක්වා ළමුන් වෙනුවෙන් රචනා වී ඇති "ද බෙන්ච්' කෘතිය පිටු 40කින් සමන්විතය. රැන්ඩම් හවුස් ප්‍රකාශනයක් ලෙසින් පළ කෙරෙන,

මෙහි සිතුවම්, සම්මානලාභී චිත්‍ර ශිල්පිනියක වන ක්‍රිස්ටීන් රොබින්සන්ගෙනි. ළමා කතාන්දර පොත ගැන අදහස් දක්වමින් මෙගාන් මෙසේ පවසා තිබේ.

"ආචි ඉපදිලා මාසයක් විතර ගෙවුණායින් පසුව උදා වුණු පියවරුන්ගේ දිනය දවසේ, පුතා ගැන මගේ සැමියාට ලියූ කවියක් තමයි “ද බෙඩ්ෆ්  ලියන්න මුල් වුණේ. ඒ කවිය  කතන්දරයක් බවට පත් වුණා. උණුසුම, සතුට, සුවපහසුව එක්ක පියෙකුත් පුතෙකුත් අතර බැඳීම වැඩෙන විදිය ක්‍රිස්ටීන් සුන්දර විදියට දිය සායම් සිත්තමින් වර්ණ ගැන්වූවා. මම හිතනවා මේ පොත හැම පවුලක් තුළ ම අනුනාද නංවාවී " රැන්ඩම් ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශිකාවක වන මැලෝරි පවසා ඇත්තේ, මෙම ළමා කතන්දර පොත කාලසීමා පරයා වලංගු වන, ඉදිරි පරම්පරා වෙනුවෙන් මිනිසුන් භාවිත කරනු ඇති පොතක් වියහැකි බවය.

මෙම කතන්දර පොතේ ශ්‍රව්‍ය පිටපතක් ද එළිදැක්වීමට නියමිතව ඇති අතර, ‘බෙන්ච්” කෘතිය ජුනි මාසයේදී පාඨකයාට නිකුත් කරනු ඇත. සිය දවන දරු ප්‍රසූතිය  වෙනුවෙන් සූදානම් වෙමින් සිටින සසෙක්සි ආදිපාදවරිය, ළමා කෘතියක් මගින් ලේඛිකාවකගේ භූමිකාවට පැමිණීම පිළිබඳව බොහෝ පිරිසක් සාධනීය ප්‍රතිචාර දක්වා  ඇත.