maradona-death-murder

ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මරඩෝනා මරණයට පත්වූයේ පසුගිය වසරේ නොවැම්බරයේය. ඔහුගේ මරණය නිවසින් පිටත කුලියට ලබාගත් ස්ථානයකදී සිදුවූ අතර එය හෘදයාබාධයක් ලෙස නම් කර තිබුණි.




කෙසේ වෙතත් ඩියාගෝ මරඩෝනා මරණාසන්නව කල් ගෙවූ අවසන් පැය 12 තුළ ඔහු වෙත සමීපව සිටි සෞඛ්‍ය වෘත්තිකයින් හත් දෙනෙකු හට එරට අධිකරණයක නඩුවක් ගොනුවී ඇත්තේ මරඩෝනාට මැරෙන්නට ඉඩ හැර නිසි වේලාවට ප්‍රතිකාර නොකිරීම නිසාය. ඔවුන් මැරඩෝනා ඝාතනය කළ බවට චෝදනා ගොනු කර ඇත.
1986 ලෝක කුසලාන තරගාවලියේදී ආර්ජන්ටිනාව ජයග්‍රහණය කරා මෙහෙයවූ මරඩෝනා මොළයේ සැත්කමකින්  සති දෙකකට පසු නොවැම්බර් 25 බුවනෝස් අයර්ස් නගරයෙන් පිටත කුලී නිවසකදී හෘදයාබාධයකින් මිය ගියේය.මියයන විට ඔහුට වයස අවුරුදු 60 කි.
මේ මාසයේ දී වෛද්‍ය මණ්ඩලයේ වාර්තාවක් නිගමනය කළේ මරඩෝනා පැය 12 කට වැඩි කාලයක් දැඩි වේදනාවෙන් පසුවූ බවත්, ප්‍රමාණවත් ප්‍රතිකාර ලබා නොගත් බවත්, ඔහු නිසි ලෙස රෝහල් ගත කර ඇත්නම් තවමත් ජීවතුන් අතර සිටිය හැකි බවත්ය.


මාරඩෝනාගේ වෛද්‍ය කණ්ඩායමේ නායකයන් දෙදෙනා වන ස්නායු ශල්‍ය වෛද්‍ය ලියෝපෝල්ඩෝ ලූක් සහ මනෝචිකිත්සක අගුස්ටිනා කොසචොව් සහ තවත් සෞඛ්‍ය වෘත්තිකයන් පස් දෙනෙකුට ස්වේච්ඡාවෙන් මිනිස් ඝාතන චෝදනා එල්ල වී ඇත.
වෛද්‍ය මණ්ඩලයේ වාර්තාවේ සඳහන් වන්නේ “රෝගියාගේ ජීවිත අවදානම පිළිබඳ සංඥා නොසලකා හරින ලද” බවයි. මෙම නඩු විභාගය ඉදිරියට සිදුවේ.