
පසුගියදා මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් සිය නිවසින් පිටත ස්ථානයකට ගමන් කරමින් සිටියදී අනපේක්ෂිත බෝම්බ ප්‍රහාරයකට ලක්විය. මෙම සිදුවීමෙන් ඔහු තුවාල ලබා රෝහල් ගත කළ අතර තවත් අයට තුවාල සිදුවිය. නමුත් කිසිදු ජීවිත හානියක් සිදු නොවීය.
අදාළ සිදුවීමට අදාළ පොලිස් පරීක්ෂණ අනුව දැනට එම සැක සහිත පුද්ගලයින් ගැන තොරතුරු ලැබී ඇත. සිදුවීම අවස්ථාවේ සීසීටීවී දර්ශන හා සැක අයගේ ඡායාරූප පොලිසිය නිකුත් කර තිබේ.
