
දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ජුනි මස 07 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියි. කෙසේ වුවත් මෙම කාල සීමාවේදී අත්‍යවශ්‍ය භාන්ඩ මිලදී ගැනීමට දින 03ක් වෙන් කර දී ඇති බවත් එහිදී නිවසකින් එක් අයෙකුට පමණක් පිටතට පැමිණිය හැකි බව ඔහු කීය.
දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කරන අතරවාරයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දී ඇත්තේ මැයි 25, මැයි 31 වනදා සහ ජුනි 4 බව කියන ඔහු එම දින යොදා ඇත්තේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණක් බවත් ඒ දිනවල උදේ 4 රාත්‍රී 11 අතර කාලය එයට යොදාගන්නැයිද කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval