lochana-speaks

●සම්පූර්ණ නම....?
             ''ලෝචනා හංසමාලි ජයකොඩි....''


●උපන් ගම....?
         ''කැස්බෑව....''
●පාසල් ගියේ....?
           ''මුලින්ම ගියා කැස්බෑව ධර්මසේන බාලිකා පාසලට.....ඊට පස්සේ A/L කරන්න ගියා ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයට....''
●පවුලේ විස්තර...?
            ''දැනට ඉන්නේ තාත්තයි නංගිලා දෙන්නයි...''
●පළවෙනි TIK TOK කරන්න පටන් ගත්තේ කොයි කාලෙද....?
                 ''දැන් අවුරුදු තුනක් හතරක් විතර වෙනවා....''
●මොකක්ද කරපු පළවෙනි TIK TOK එක....?
                 '' පළවෙනි TIK TOK එක කලේ මම dancing කරපු කාලේ dancing කරන මල්ලි කෙනෙක් එක්ක ඒ මල්ලි තමයි මට කිව්වේ භාතිය මල්ලි මරු app එකක් තියෙනවා හලෝ එනවකෝ කියලා එතකොට තිබ්බේ Musically  TIK TOK නෙවෙයිනේ...අත් වලින් කරන video එකක් කලේ මම ඒක තමා මුලින් කලේ ඊට පස්සේ යන්න යනන් වැඩේ අල්ලලා ගියා...''
●දැන් මේ වෙනකොට දළ වශයෙන් TIK TOK vidoes කීයක් කරලා තියෙනවද...?
                  ''අනේ මංදා මම ගණන් කරේ නෑ....සෑහෙන ගානක් කරලා ඇති...1000ක් වගේ....''
●පළවෙනි youtube Video එක මොකක්ද..?
            ''පළවෙනි youtube Video එක මම කලේ.....මම එක දවසේ Video තුනක් විතර shoot කලා....දාලා තියෙන පිළිවෙල නෙවෙයි තියෙන්නේ එතකොට...මට ඇත්තටම එහෙම මතකයක් නෑ...පළවෙනි එක කියලා ඇත්තටම මතක නෑ.....එතකොට youtube පටන් අරං දැන්  අවුරුදු දෙකක් වෙනවා...දැන්නම් එක දවසේ එකයි කරන්න පුළුවන් උනේ ඒත ඒ දවස් වල පොඩි පොඩි ඒවනේ කලේ ඒ නිසා තුනක් විතර කරන්න පුළුවන්....''
●මේ වෙනකොට youtube videos කීයක් කරලා තියෙනවද..?
                           ''ඇත්තටම එහෙම ගණන් කරලා නෑ....''
●කොහොමද ලෝචිට ලැබෙන ප්‍රතිචාර කොහොමද කවදාවත් හිතුවද social media එකෙන් මෙහෙම ප්‍රතිචාරයක් හම්බවෙයි කියලා...?
                 ''ඇත්තටම හිතුවේ නෑ ඒක අම්බෙන් වෙච්ච දෙයක්....හරිම ආත්ම ගෞරවයක් තියෙන දෙයක්...මෙහෙම කට්ටිය ආදරේ කරන්න ගනී එහෙම කියලා හිතුවේ නෑ....ආඩම්බරයි දැන්නම්.....''
●වයස කීයද ඔයාගේ...කියන්න අකමැති නැද්ද....?
           ''මට අවුරුදු 26 මේ අවුරුද්දට 27 යි...කියන්න අකමැති නෑ....
●ඔයාව follow කරන ඔයාගේ වයසේ ගෑණු ළමයි නැත්තම් පොඩි නංගිලා මොනවද ඔයාගෙන් අහන ප්‍රධාන ප්‍රශ්න...?
                ''හැමොම අහන්නේ අක්කේ COMMENT වලට බය නැද්ද....බනිනකොට මොනවද හිතෙන්නේ...වැඩිපුරම අහන්නේ ඒක...කෙල්ලො හරි බයයිනේ COMMENTS වලට මමත් මුල් දවස් වල හරිම බයයි දැන්නම් මං ගණන් ගන්නේ නෑ....තව කෙනෙක් COMMENT එකකින් එයා අපිව පාලනේ කරන්නනම් හදන්නේ අපි පාලනය වෙන්න හොද නෑ....වටිච්ච අවස්ථා තියෙනවා නැත්තේ නෑ....දැන් එහෙම කරන්න දෙන්නේ නෑ මං...හොඳ දේවල් භාරගන්නවා ඒත් වැරදියට කියන දේවල් එයාගේ ඒ COMMENT එකෙන් වැටෙන්න හොද නෑ...''
●මොකද හිතෙන්නේ ලංකාවේ TIK TOK market එක ගැන....?
               ''TIK TOK කියන්නේ හොඳ platform එකක්....දැන් ලංකාවේ FACE BOOK,INSAGRAM වලට වඩා ඉස්සරහින් ඉන්නවා....මගේ followersලා දැනට හත්ලක්ෂ පනස්දාහක් විතර ඉන්නවා,YOUTUBE එකේ ඉන්නවා ලක්ෂ පහක් විතර ඉන්ස්ටග්‍රැම් එකෙත් ලක්ෂ දෙකක් විතර ඉන්නවා....''


●මේ ටිකෙන් ඔයා වැඩිපුරම කැමති මොකටද..?
                    ''මම මුල අමතක කරන්නේ නෑ....TIK TOK තමයි...මොකද මම දෙයක් හදාගත්තේ මට ආදරේ කරන පිරිසක් ආවේ TIK TOK එකෙන්නේ...''
●ඔයා TIK TOK කරන වෙලේ ලංකාවේ තිබ්බ ප්‍රතිරූපය මොනවගේද..?
             ''මුලදිනම් ලොකු දෙයක් තිබුනේ නෑ...මුලදි කව්රුත් දන්නේ නෑ....ඒ කලේ මිනිස්සු ලොකුවටම කැමැත්තක් තිබුන platform එකක් නෙවෙයි...හැබැයි දැන්නම් හොද වාතාවරනයක් හැදිලා තියෙනවා ලංකාවේ....''
●ඔයාව බලාලා ඔයා වගේ වෙන්න හදන ගෑණු ළමයිට මොනවද කියන්න තියෙන්නෙ....?
              ''කියන්න තියෙන්නේ මම නම් වැටෙන්නේ නෑ...බය වෙන්න එපා...අපි කියමුකො  TIK TOK කියලා...DOCTOR කෙනෙක් ඉන්නවා කියමුකො එයාට පුළුවන් එයාගේ වෘත්තියට අදාල VIDEOS දාන්න....BEUTY පැත්තෙන් ඉන්නවනම්  එයාට  පුළුවන් ඒ VIDEOS දාන්න...ඒ දේවල් දාලා ප්‍රෙක්ෂකයො ටිකක් අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන්...මම කියන්නේ තමන්ට මොනවාහරි දක්ෂතාවයක් හැකියාවක් තියෙනවනම් ඒක නිවැරදි විදිහට TIK TOK වලින් පාවිච්චි කරන්න...''
●ආර්ථිකමය වශයෙන් ගත්තම TIK TOK කියන්නේ කොයි වගේ platform එකක්  ද...?
              ''ඔව්...මම වෘත්තිමය විදිහට මම  TIK TOK කරනවා...අපි ගමුකො මොනවා හරි brand එකක් ඒ  අය එයාලගේ promotion වැඩ වලට ඒ අය කතා කරනවා ඒ videos කරලා අපි වෘත්තිමය පැත්තෙන් කරගෙන යනවා...''
●මේ දෙකෙන් ඔයාට හිතෙන හොදම platform එක මොකක්ද...?
               ''youtube එන්න ටිකක් අමාරුයිනේ...ඒ කියන්නේ TIK TOK කියන එක ඉක්මනින් කරන්න පුළුවන්...youtube කියන එකට එන්න අමාරුයි camera එකක් තියෙන්න ඕන කියලා එහෙම හිතනවනේ අපේ අය...ඒ වගේ  TIK TOK කියන එක කරන්න හරිම ලේසි...dancing නම් කරන්නේ අපිට ඒක ඉස්සරහ dance කරලා trend එකක් හදන්න පුළුවන්...හරිම ලේසියෙන් එන්න පුළුවන්...හැබැයි ඉතිං තමන් හරියට දැනගන්න ඕන තමන් මොකක්ද කරන්නේ කියන එක....ඕක තේරුම් ගත්තෙ නැති උනාම තමයි ප්‍රශ්ණ වෙන්නේ...''
●දැන් කට්ටිය ඇවිල්ලා පොදුවේ මොකක්ද තොරගන්නේ...?
             ''ඒක ඉතිං එක එක විදිහට තියෙනවා සමහරු ඉතිං සිංදුව තියාගෙන ඒකට lipsing කරන එකනේ කරන්නේ...ඒක තමයි ලේසිම දේ එතනින් එහාට ගොඩක් දේවල් තියෙනවා කරන්න...''
●කොහොමද ලෝචි හැදෙන්නේ ඇත්තටම...?
             ''මුලින්ම මගේ හොඳම යාළුව එක්ක තමයි TIK TOK කරන්න ගන්නේ ....මම හරිම ආසයි lele pons ට මම එයාගේ videos බලනවා....මීට අවුරුදු තුනකට කලින්...එයා කරන you tube videos බලනවා මම එයා වගේ වෙන්න පුළුවන්නේ මට ලංකාවට මේ වගේ කෙනෙක් හිටියොත් හොදයිනේ කියලා....මම මුලින්ම කලේ ඔය lele විරිත්තන එකක්...ඕක පුරුදු උනා...මම එයාව අනුකරණය කරන්න ගත්තා...කොහොමත් මම පාසල් යන කාලේ ඉදලාම කොහොමත් funny...මට පොඩි පොඩි ideas එනවා...මට ජීවිතේ වෙන දේවල්ම  මම සමහර වෙලාවට videos වලට ගන්නවා...එතනින් තමයි මම ස්ටාර්ට් කලේ tik tok වලින්  youtube එන්න....''
●ඉස්කෝලේ යන කාලේත් රඟපෑවද...?
          ''ඔව්...මම ඉස්කෝලේ යන කාලේ මම ඕලෙවල් වලට කලේ drama...මොකද මම dancing කරන්න ආස උනාට මට dancing කරනන් බැරිඋනා මොකද මට මැන්ඩියට ඉන්න බැරිඋනා මම dancing කරන්න තෝරගන්න පළවෙනි දවසේ...මගේ හොදම යාළුවො ඔක්කොම  dancing කරන්න ගියා...මට චිත්‍ර අඳින්නත් බෑ,සිංදු කියන්නත් බැරිනිසා මම ගියා drama වලට...ඊට පස්සෙ ඔය ඉස්කොලේ තියෙන දේවල් වලට පැනගෙන යනවා...තේරුනා ඉතිං පොඩ්ඩක් ඇගේ තියෙනවා කියලා...අහම්බෙන් උනාට කොහොම හරි වැඩේ හරිගියා...''
●කවුද ලෝචි කියන්නේ..?
             '' ලෝචි කියන්නේ...මිනිස්සුන්ට වැඩිය සත්තුන්ට ආදරේ කරන කෙනෙක්...හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති කෙනෙක්...''
●මිනිස්සුන්ට වැඩිය සත්තුන්ට ආදරෙයි...මිනිස්සුන්ව එපා වෙලාද ඉන්නේ...?
           ''මිනිස්සු හැමොම නෙවෙයි....සමහර වෙලාවට ජීවිතේ වෙච්ච දේවල් එක්ක මට සත්තු ගොඩාක් ලං වෙලා තියෙනවා...මිනිසුන්ට ආදරේ නැතුව නෙවෙයි...මිනිස්සුන්ට වඩා මම සත්තුන්ගෙන් ගුණ දකිනවා...''


●මව අහිමිවීම කොයිතරම් ජීවිතේට බලපෑවද...?
              ''ඒක සෑහෙන්න විදිහට බලපෑවා...මම A/L කරන්න ඉන්නකොට තමයි අම්මා නැතිවෙන්නේ...අම්මට හැදෙනවා ලෙඩක්..පෙනහළු නරක් වෙනවා එයාගේ සෙමට...අම්මා අසනීප වෙන්න පටන්ගත්ත දවසේ ඉදලා මම පාසල් යන එක පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙනවා මොකද මට නංගිලා දෙන්නෙක්නේ ඉන්නේ ගෙදර හැම වගකීමක්ම හැම දෙයක්ම කරන්නේ මම...A/L කරන්න ඉස්කෝලෙකට ගියාට මට A/L කරන්න වෙන්නේ නෑ...අම්මවයි නංගිලා දෙන්නවයි ඔක්කොම බලාගන්නේ මම..අම්ම අසනීප වෙන්නේ මුලින්ම අම්මා නැතිවෙච්ච අවුරුද්දේ ජනවාරිවල...මුලින්ම එයා පිළියන්දල HOSPITAL එකේ දෙපාරක් admit කරනවා දෙපාරක්...ඊට පස්සේ කළුබෝවිල HOSPITAL එකේ දෙපාරක් admit කරනවා....තුන්වෙනි පාර එයාට admit කරනවා කොළඹ මහ රෝහලේ...අපේ මාමා කෙනෙක් එනවා ගමේ ඉදලා අපේ අම්මගේ අයියා එයාට ඇත්තටම අම්මව බලන්නආස හිතිලා ඇත්තටම අපි කාටවත් කියලා තිබ්බේ නෑ අම්මා අසනීපයි කියලා...ඇවිත් අම්මා කෝ ඇහුවාම අපි කිව්වම HOSPITAL එකේ කියලා එයා මාර විදිහට අවුල් ගියා...අම්මට මාමා දැක්කට පස්සේ ගමේ යන්න ආස හිතුනා අසනීප හොද වෙලා ගෙදර අවට පස්සේ එයාට සැරෙන සැරේට තමයි අසනීප වෙන්නේ...ඉතිං කොහොම හරි මම නංගිලා දෙන්නවයි අම්මවයි තියාගෙන මම බස් එකේ යනවා කලින් මාමා යනවා...මාවනැල්ල අම්මගේ ගම කැස්බෑව පිටකොටුව 120 බස් එකෙ ගිහිල්ලා එතන ඉදලා මාවනැල්ලට යනවා අම්මව දාගෙන නංගිලා දෙන්නත් එක්ක...මට ඊට පහු වෙනිදා තියෙනවා WEDDING එකක් පස්සේ මම අම්මව දාලා නංගිලා දෙන්නත් එක්කම කොළඹට එනවා...මගේ හොදම යාළුවගේ පුංචි බඳින්නෙ මට ඒකට එන්න වෙනවා මොකද මමත් හිටියා bridesmaid කෙනෙක්ට...ඒකට ඇවිල්ලා මම අනිත් පැත්තට මාවනැල්ලට යනකොට අම්ම ඉන්නේ මාවනැල්ල HOSPITAL එකේ අම්මා ආයිත් අසනීපවෙලා....එදා ඉදලා දවස් ගානක් මම අම්මා ගාව ඉන්නේ...ආච්චි එනවා උදේට කෑම අරගෙන මම HOSPITAL එකේම ඇඳුම් මාරු කරගෙන අම්මා ගාවම හිටියා...අම්මා ඉපදිච්ච HOSPITAL එක තමයි මාවනැල්ල HOSPITAL එක...අම්ම නැති වෙන්නේත් ඒ HOSPITAL එකේමයි මං ගාවමයි....''
●අම්ම අද හිටියනම් ලොකු දුවට මේ ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන මොනව හිතෙයිද...?
                       ''ගොඩාක් සතුටු වෙයි....එයා මම නටනවා එහෙම දැකලා තියෙනවා ඉස්සර මම DANCING කරන්න ආසයිනේ ගෙදර කාබරේ දොර වහගෙන රේඩියෝ එක් දාගෙන මම නටනවා...එයා ඇවිත්බලන් ඉන්නවා විහිළුත් කරනවා...ඒ උනාට කවදාවත් එයා මම මේ විදිහට ACT කරනවා කවදාවත් දැකලා නැතුව ඇති එකම එක පාරක් පොඩි කාලේ මම DARAMA වලට ආස වෙලාවේ වේදිකා නාට්‍යක පොඩි character එකක් මට ඒක මතක නෑ කොහොමද හම්බුනේ කියලා...එක්කං ගිහින් මම ඒකේ ACT කරනවා...එදා අම්ම එනවා තාත්තලා එක්ක බලන්න එහෙම මතකයක් තියෙනවාමට...එහෙම දැකලා තියෙනවා එයා අද හිටියනම් ගොඩාක් සතුටුවෙයි...''
●අම්මා ගැන ඔබට තියෙන අමතක නොවෙන මතකය මොකක්ද..?
             ''ගොඩාක් තියෙනවා...දවසක් හවසට පාන් එනවා එතකොට චූන් පාන් නෑ බයික් එකේ බෙල් එක වදින්නේ ඒක තිබුනේ...හැමදාම හවසට අම්මට බනිස් ඕන කිය කිය කරදර කරනවා...උබලට ඕන බනිස්නේ හිටපංකො කියලා ගිහින් පාන් ගෙඩි තුනක් තුන්දෙනාටම අරන් දෙනවා දැන් කන්නකො ඉවර වෙනකල් කන්න ඕන එක කෑල්ලක් ඉතුරු කරන්නේ නැතුව කාපන් කියලා කිව්වා...එදානම් අමතක වෙන්නේ නෑ මට...''
●අම්මටත් ඔයා වගේම ACT කරන්න පුළුවන් ද...?
             '' අම්මා මං වගේ මේ හැඩරුව තිබ්බේ...අම්මත් මං වගේමයි...අම්මට සිංදු කියන්න පුළුවන්....ACT කරනවනම් දැකලා නෑ එයා...දෙමළ එහෙම පුළුවන් ඉස්කොලේ දෙමළ ඒ දේවල් තිබ්බම එයා තමයි මට උගනන්නන්නේ....''
●අම්මාගේ වියොවෙන් පස්සෙ නංගිලා දෙන්නගේ බර කරට ගත්තේ කෙහොමද ලොකු අක්කා විදිහට..?
                   ''මම ඒ ගැන කියන්න කැමති නෑ මේ වෙලාවේ...තාත්තා හිටියත් අපි ගැන ලොකුවට බැලුවේ නෑ...මේ වෙලාවේ මම ඒ ගැන කතා කරන්න කැමති නෑ ඔහු තාම ජීවතුන් අතර ඉන්න නිසා...අම්මා නැති උනාට පස්සේ මගේ පාසල් ගමන නවතිනවා මොකද එකක් මට හරිම අමාරු උනා ඒක දරාගන්න...අම්මා නැතිවෙනකොට චූටි නංගිට අවුරුදු 6යි ලොකු නංගිට අනිත් නංගිට අවුරුදු 9යි....අම්ම නැති උනාට පස්සේ මම DANCING TEAM එකකට බැඳෙනවා...එතම වෘත්තිමය වශයෙන් මම කරන්නේ DANCING...එතකොට මම DANCING SHOW වල තමයි නටන්නේ..ලංකාවේ ප්‍රසිද්ධ DANCING TEAM  දෙක තුනකම මම වැඩ කරලා තියෙනවා...ඒ කාලේ හම්බවෙන SALARY එකත් එක්ක තමයි මම නංගිලා දෙන්නව බලාගන්නේ ඒ දෙන්නගේ අධ්‍යාපන කටයුතු හැමදේම මමකලා....''
●අද මේ වෙනකොට නංගිලා දෙන්නා කොයිවගේ තත්වෙකද ඉන්නේ...?
                 ''චූටි නංගි මේ පාර A/L කරනවා...තාමත් මං ඒ දෙන්නගැන බලනවා...දෙවෙනි නංගි අධ්‍යාපන කටයුතු කරනවා එයා ගෙදරට වෙලා ඉන්නවා...''
●දුවලා තුන්දෙනෙක් ඉන්න පවුලක මව අහිමි වීම කොයි තරම් දුරට බලපානවද.....?
             ''ඒක සෑහෙන්න විදිහට බලපානවා මොකද මට දැනුනා මම තමයි දැන් අම්මා කියලා....අම්මා නැති උනාට පස්සේ HOSPITAL එකේ SISTER කෙනෙක් කතා කරලා කියනවා දැන් තමයි ඔයා නංගිලා දෙන්නගේ අම්මා ඒ කතාව මට මතකයි...එදා ඉදලා මම විතරක් නෙවෙයි තව දෙන්නෙක් ඉන්නවා බලාගන්න කියන එක මගේ ඔළුවේ තිබුනා...එහෙම ලංකාවේ ගොඩාක් අය ඇති...ආර්ථික පැත්තෙන් අමාරුකම් තියෙනවා මනසින් අම්ම නෑ කියන එක දැනෙනවා,වගකීමක් දැනෙනවා,බයක් දැනෙනවා,ඒක කියන්න තේරෙන්නේ නෑ....එහෙම ලංකාවේ ඉන්න අයට කියන්න තියෙන්නේ වැටෙන්න එපා ඒක අපි ගිය ආත්මේ කරපු අකුසල කර්මනිසා තමයි ඒ දේවල් අපිට වෙන්නෙ..මව පියා අපට පොඩි වයසෙදිම නැති වෙනවනම් ඒ වෙන්නෙ ඒ හේතුව මත....අපි ධෛර්ය අරගෙන කොහොම හරි ජීවිතේ ගැටගහගන්න ඕන හැබැයි ගොඩක් වෙලාවට එහෙම වෙන අයට හොද මාර්ගයක් පෙන්නන් කට්ටිය අඩු වෙනවා...එහෙම අවස්ථා තියෙනවා එතකොට වැරදි මාර්ග වල යන්න පුළුවන්....දැන් තියෙන සමාජෙ ගැන ගොඩක් පරිස්සම් වෙන්න ඕන...මට ආච්චි හිටියා ගොඩාක් ලඟින්...තාත්තගේ නැන්දා දැන් එයත් නැ....''
●මේ වගේ ප්‍රශ්නයක් උනාම ලංකාවේ ගෑනු ළමයෙක් කොයි වගේ ප්‍රශ්ණ ගැටළු වලටද මූණ දෙන්නේ....?
                        ''ආර්ථිකමය පැත්තෙනුත් වැටෙනවා,සමහර වෙලාවට කලින් හිටිය නෑදෑයෝ කවුරුත් නැති වෙනවා...මානසිකව වැටෙනවා...වැටෙන්න පුළුවන් හැමපැත්තෙන්ම වැටෙනවා ගෙදර හැමදේම අම්මනේ ඉතිං....අපිට දේයක් කියන්න කවුද අපිව බලාගන්නේ ඒ හැඟීම හැමදේම ඔළුවට දැනෙනවා...පිරිමි ළමයෙක් ගත්තොත් කුඩු වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්න පුළුවන්,ගෑණු ළමයෙක් උනාම කරදරයක් වෙන්න පුළුවන්...මට මගේ වෙලාවට මගේ ආච්චා හිටියා...''
●අද නංගිලා දෙන්නා මොකද කියන්නේ අක්කා ගැන...?
               ''එයාලා ගොඩාක් ආඩම්බර වෙනවා...මගේ VIDEO එකක් ගියත් ඉක්මනට බලනවා...හැමවෙලේම චූටි නංගි මගෙත් එක්ක VIDEOS වල ඉන්නවා...දෙවනි නංගි වැඩිය PHOTO එකක්වත් ගන්න එන එක්කෙනෙක් නෙවෙයි එයා ටිකක් අමුතුයි...එයා තමයි හැමදේකම පිටිපස්සේ ඉන්නේ VIDEO එකක් කරන්න ගියොත් කොණඩේ පොඩ්ඩක් අවුල්නම් ඒක හදනවා,ඒ වගෙ උදව් කරනවා...මම චූටි නංගිට බයයි එයා තමයි සැර ගෙදර...එයාගේ කටහඩ හැසිරීම සේරම අම්ම වගේ හැඩරුව ඇර....සමහර වෙලාවට එයා තමයි කියන්නේ මේක කරන්න එපා එහෙම කියලා...''
●එදා ඔයාලව අතඇරපු නෑදෑයෝ අද මොකද කියන්නේ...?
               ''මම එහෙම ගෙවල් පැත්තට යන්නෙ නෑ මම ඉන්නේ තනියම...මම එයාලගේ PARTY එකකට එනවා කියන්නෙත් ලොකු දෙයක් ඒ අයට...ඒත් මම එහෙම අමතක කරන්නෙ නෑ මම නෑදෑයන්ට සලකගෙන ඉන්නවා ඉතිං...''
●සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වෙච්ච STAR කෙනෙක් විදිහට,තරුණියක් විදිහට ඔබ හැදෙනකොට cyberbullying වලට ඔබ ඕන තරම් මූණ පෑවානේද..මේ තිබුණ ප්‍රශ්ණත් එක්ක කොහොමද ඔබ මුහුණ දුන්නේ....?
                ''මට හිතෙන්නේ අම්මා මාත් එක්ක ඇති...මේ දේවල් වෙලා හැමදෙයක්ම වෙද්දි වැටෙන්නේ නැතුව ඉන්න අම්මා මාත් එක්ක ඉන්න ඇති....එක අවස්ථාවක් නෙවෙයි අවස්ථා දෙක තුනකදි වෙනවා මුලින්ම වෙනවා මගේ නම ලෝචනා ජයකොඩිනේ මගේ නම තියෙන්නේ පොඩි කාලේ මගේ FACE BOOK එකේ දාලා තිබ්බේ නංගිගේ නම රුමේෂා උෂානි,ඒකට හේතුව මම ACCOUNT එකක් හැදුවාම හැමවෙලේම ACCOUNT එක හැක් වෙනවා මගේ නමට තියෙන එක මම දන්නේ නෑ ඇයි කියලා.....ඒ  කාලේ අපි PHOTOS දාන්නේත් නෑ...මම කලේ නංගිගේ නමින් හැදුවා ඒ ACCOUNT එක තිබ්බා...මම අඳුරන එරන්ද කියලා අයියා කෙනෙක් හිටියා එයා ඇවිත් ඒක පස්සේ හදලා දුන්නා ඊට පස්සේ ඒ නම තිබුනා....පස්සේ මම නම වෙනස් කලාම කට්ටිය කිව්වා රුමේෂා ජයකොඩි මෙහෙමයි හිටියේ දැන් මෙහෙම වෙලා කියලා...ඕක තමයි මුලින් ම හැඳුනේ...ඒක එච්චර ගණන් ගත්තෙ නෑ මම...ඊට පස්සේ උනේ මඩ ගහපු එක...මම මේවා ගැන දන්නේ නෑනේ මගේ අම්මා තාත්තවත් famous නෑනේ මම තනියම ආපු ගමනක් එතකොට මම අළුත් කෙනෙක් මට මේ දේවල් ලැබෙද්දි ඒ දේවල් මට අළුත් දේවල්... ඊට පස්සේ වෙච්ච දේ තමයි මගේ නොවෙන මම කියලා සඳහන් වෙච්ච VIDEO එකක් අපේ වචනෙන් කිව්වොත් LEAK VIDEO එකක්...ලෝචනාගේ LEAK VIDEO එක කියලා තමයි ගියේ...ඒක වෙන්නේ මෙහෙමයි...ඒ VIDEO එකේ ඉන්න GIRL ඇඳන් ඉන්න SHIRT එක අත් දිග එක්ක කොන්ඩෙත් කොටයි ඒ SHIRT එකේම අත් කොට එක මට තියෙනවා ඒ මම කියලා තමයි මට මඩ ගැහුවේ...මම ඒ වෙලාවේ cyber crime එකට ගියාම ඒ අය මට කිව්වා මේක ඔයාගෙ නෙවෙයිනම් මේකට කරන්න දේයක් නෑ කිව්වා...මේක ඔයාගෙනම් මේකට පියවරක් ගන්න පුළුවන් කියලා...ඒ අයට පුළුවන් FACE BOOK එකේ තියෙන POST හරි මොනා හරි තමයි අයින් කරන්න පුළුවන් එතනින් එහාට පියවරක් ගන්න බෑ ඒක තමයි ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ නීතියක් නෑ...ඕකට හරියන නීතියක් තිබුනනම් කරපු එක්කෙනෙක්ට හරි දඬුවමක් දුන්නනම් මේ ප්‍රශ්න මුකුත් නෑ....''
●ඔබ හිතන්නේ මොකක්ද කාත්තාවක් තරුණියක් ජනප්‍රියත්වයක් ලබනකොට නැතිනම් ආර්ථික වශයෙන් ස්ථාවරයකට එනකොට දරාගන්නබැරි කමද...?
                   ''බලාගෙන ඉන්න බැරිකම...සමහර විට කොල්ලෝ ආතල් එකට කරනවා වෙන්නත්  පුළුවන්නේ...මේකි පොඩ්ඩක අරවගේ නේ කියලා කියනවා...ඒකෙන් වෙන බලපෑමට suicide කරගන්නත් පුළුවන්...මටත් හිතුනා එහෙම...මට ඒ වෙලේ හිතුනා මගේ අම්මා නැති උනේ හොද වෙලාවට කියලා ...මම නෙවෙයි තමයි ඒත් ඒවගේ තියෙන COMMENTS එහෙමත් අම්මා කියවයිනේ...තාමත් මගේ VIDEOS වලට COMMENT එනවා ඊට සමාන දේවල් තාමත් දානවා....''
●නංගිලා දෙන්නා කොහොමද ඒකට react කලේ....?
         ''ඇත්තටම ඒ දෙන්න මාත් එක්ක ඒ ගැන කතා කලේ නෑ....මොකද මම වැටිලනේ හිටියේ ඒ වෙලාවේ...චූටි නංගිත් මට කිව්වා ඔයා නෙවෙයි කියලා දන්නවනේ ඔයා අවුල්යන්න එපා කියලා...හෘද ශාක්ෂිය දන්නව උනාට මේ ලෝකයම කියනවනේ ඒ මම කියලා...දන්නවනෙ ඔයා නෙවෙයි කියලා අවුල් වෙන්න එපාකිව්වා...එතනින් නවතින්නෙත් නෑ මේ මෑතකදි මම ආදරේ කරන පුද්ගලයා සමඟ මම ගත්ත ඡායාරූප දෙකක් සාමාන්‍ය  ඡායාරූප  දෙකක්...කෙනා කව්ද කියල මම දන්නේ නෑ ඒ කෙනා කතාවක් හදලා තිබ්බා ඒ PHOTO දෙකත් එක්ක වෙනත් කෙනෙකුගේ නිරුවත් ඡායාරූප  පෙළක් අපි SCREENSHOT ගන්නේ GALLERY එකේ ඒ මම කියලා තමයි කිව්වේ නිරුවත් ඡායාරූප වල මූණ කපලා....මොනා කරන්නද ඉතිං මූණ දුන්නා ඒවට....''
●ජීවිතේ ආදරේ කියන දේ ඔබට දැනුනේ කොහොමද....ආදරේ කියන දේ එක්ක ඔබ ජීවිතේ කොයි වගේ සිදුවීම් වලටද මූණ දුන්නේ....?
                     ''අම්මාගේ ආදරේත් අහිමි උනා....අවුරුදු පහකට පහමාරකට ආසන්න කාලයක් මම ආදරේ ලබනවා...ආදර කතා හැම එකක්ම විවාහයකින් සම්පූර්ණ වෙන්නේ නෑනෙ...ඒ වගෙ අතරමඟදි ඒ ආදර කතාවත් නවතිනවා ...මම ඇත්තටම ඒ කෙනා සම්බන්ධයෙන් කතා කරන්න කැමති නෑ...මම ඒ කෙනාට වෛර කරන්නේ නෑ...''
●ඔබ බොහොම පොඩි  වයසෙදි තමයි විවාහ ගිවිසගන්නේ ඉතිං ඒ ගත්ත තීරණය වැරදි කියලා හිතෙනවද ඔබට...?
                                   ''නෑ....මම වැරදි කියලා හිතන්නේ නෑ මගෙ ජීවිතේ ගත්ත කිසිම තීරණයක්...හැමදේකින්ම පාඩමක් ඉගෙන ගන්නවා මම  මගේ ජීවිතේට අත්දැකීමක් එකතු කරගන්නවා මම හැමදේකින්ම....මම මීට අවුරුදු දෙකකට කලින් මම විවාහ ගිවිස ගන්නවා අර කියපු පුද්ගලයා සමඟ...මම ගිය ආත්මේ කරපු අකුසල කර්මයක් නිසා හෝ වෙන්නැති ඒ ආදර සම්බන්ධතාවය කැඩෙනවා...මේක කියන්නේ මම පළවෙනි පාරට...හේතුව කතා කරන්න මම ආස නෑ...''
●ඔබ මොකක්ද හිතන්නේ තරුණියක් විවාහයකදි නැතිනම් ආදර සම්බන්ධතාවයකදි කොයි තරම් පරිස්සම් වෙන්න ඕනද...?
                   ''ගොඩක් පරිස්සම් වෙන්න ඕන...අපි ගන්න සමහර තීරණ අපි දන්නේ නෑ ඉදිරියෙදි හරිද වැරදිද කියලා...විවාහක් වෙන්න කලින් අපි පේන බලන්නේ නෑනේ....මම මගේ ජීවිතේ උදාරණයට අරගෙන ඒක මම කාටවත් උදාහරණෙට ගන්න කියනවා නෙවෙයි...හැබැයි මට අත්දැකීම් ගොඩාක් තියෙනවා...මම කොල්ලො කෙල්ලොන්ට දෙන්න පුළුවන් advice එක තමයි අපි අවුරුදු 20,21 වෙද්දි කාටහරි ආදරේ කරන්න පටන් ගන්නවනම් අපි ඒ කෙනාට බොරුවක් කරන්න හොද නෑ....බොරුවක් කරන්න හිතාගෙන ආදරේ කරන්න හොද නෑ...මම කවදාහරි දවසක ඒ කෙනාව විවාහ කරගන්නවා කියන චේතනාවෙන් තමයි අපි ආදරේ කරන්නඕන...දැන් ගොඩක් අය එහෙම නෙවෙයි ආදරේ කරන්නේ දැන් ගොඩක් අය ආදරේ කරන්නේ ආතල් එකට FUN එකක් ගන්න....මම සමහර යාළුවන්ගෙන් අහනවා උඹ දැන් ඕක serious කරනවද කියලා පිස්සුද බන් ඕක serious නෙවෙයි කරන්නේ කියනවා..ඇයි එහෙනම් ඒක කරන්නේ...සමහර විට විවාහ කරගන්න බැරි වෙන්න පුළුවන් අතර මැද්දෙන් ඒ දෙන්නගෙ අදහස් ගැලපෙන්නේ නැතුව ඒක කැඩෙන්න පුළුවන්..නමුත් චේතනාවක් තියෙන්න ඕන...  ඒක හරි ලොකු පවක්...අපි කෙනාව රවට්ටනවා නේ ද අපි කරගන්න ලොකු පවක් ඒක....''


●පාසල් වයසේ ඉන්න නංගිලා නැතිනම් දියණියන් අද මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරද්දි නැතිනම් පාසල් වයසේ ප්‍රේමයක් තියෙනවනම් මේ වර්තමානයේ වෙන දේවල් එක්ක පරිස්සම කොයි තරම් දුරට වෙන්න ඕනද...?
                  ''ගොඩක් පරිස්සම් වෙන්න ඕන...දැන් කාලේ PHONE එකේ ඇඟිලි තුඩින් හැමදේම තියෙනවා...එක්කෙනෙක්ට කියලා වැරැද්ද කියන්න බෑ...ඇත්තටම VIDEO එකක් LEAK කරගත්ත කෙල්ලේක් කියමුකෝ ඒ කෙල්ල විශ්වාසයෙන් ඒ දේ කොල්ලට යවනවා වෙන්න පුළුවන් සමහර වෙලාවට ඒ කොල්ලා නොදැනුවත්ව එයාගේ අතින් LEAK වෙනවා ඇති...සමහර විට ඒ කොල්ලා කියන්න පුළුවන් ඔයා මට ඒ video එක එව්වේ නැත්තම් මම ඔයත් එක්ක තරහ වෙනවා කියලා...මේ විදිහට තමයි මේ දේවල් වෙන්නෙ ...මොකද මගේ සිද්ධිය උනාට පස්සේ ඒ වගෙ වෙච්ච ගොඩාක් girls ලා මට කතා කරන්න ගත්තා....ඇත්තටම වෙච්ච අය මාත් එක්ක කතා කලා..එහෙම උනාම මම ඒ අයගේ ඔළුව හැදුවා...සමහර වෙලාවට කොල්ලට වැරැද්දක් කියන්නත් බෑ කෙල්ලට වැරැද්දක් කියන්නත් බෑ සමහර වෙලාවට ඒ දෙන්නම නෙවෙයි වැරදි වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්...තමන්ගේ නිරුවත් දෙයක් තව කෙනෙක්ට යවන්න ඕන නෑ...මම හිතන්නේ ඒකයි...ඒ තත්වෙට කොල්ලෙක් කෙල්ලෙක්ව පත් කරනවනම් ඌ ඒ කෙල්ලට ආදරේ නෑ....අනිත් එක ලංකාවේ හොද නීතියකුත් නෑනේ ඕකට හොද නීතියක් හදාගත්තනම් එක්කෙනෙක්ට දඬුවම් කලානම් මේ දේ වෙන්නෙ නෑ...අපි දන්නේ නැති උනාට අපි අහන්නේ නැති උනාට ගොඩාක් කෙල්ලෝ suicide කරගෙන තියෙනවා මේ වෙද්දි...ඒ කතා එළියට ඇවිල්ලත් නැතුව ඇති...''
●සමාජ මාධ්‍ය පාවිච්චි කරද්දි කොයි තරම් පරිස්සම් වෙන්න ඕනද...?
              ''ගොඩක් පරිස්සම් වෙන්න ඕන...දැන් කාලේ ගත්තම අම්මලා බත් කවන්න හරි නළවන්න හරි phone එක දෙනවා සමහර විට ඒක බලලා තමයි ඒ දරුවා නැළවෙන්නේ...එහෙම දුන්නට ප්‍රශ්නයක් නෑ හැබැයි අම්මා තාත්තා ළමයිව control කරන්න ඕන...ළමයි අම්මව තාත්තව control කරන්න ගියාම තමයි මේ ප්‍රශ්න එන්නේ .....ඕන වෙලාවක අම්මට පුළුවන් වෙන්න ඕන phone එක දෙන්න කියලා අරගෙන බලන්න...එහෙම උනානම් සමහර විට මේ ප්‍රශ්න පොඩ්ඩක් හරි අඩුයි...දැන් ඉන්නළමයිට අම්මලා phone එකක් දීලා තියෙනවා ඔහේ....තමන්ගේ දුවගේ LEAK VIDEO එක දකිනකල්ම අම්ම දන්නේ නැතුව ඉදි...මේක පොඩි කාලේ වෙන්න ඕන දෙයක් මේක හැදෙනවා ගෙදර අම්මයි තාත්තයි ළමයාව පාලනේ කරන්න ඕන....මම දැකලා තියෙනවා අම්මට තාත්තට බය නැති ළමයි,අම්මව තාත්තව බය කරගෙන ඉන්න ළමයි...''
●ආර්ථික අතින් සවිමත් වීම අදකාලේ තරුණියකට කොයි තරම් වැදගත්ද...?
                      ''අනිවාර්යෙන් වැදගත් දෙයක්....සමාජයේ පිළිගැනීමක් තියෙන්නේ අපි ආර්ථිකේ පැත්තෙන් ශක්තිමත් උනොත් විතරයි...මගේ වාසනාවට මට අහම්බෙන් හැමදේම ලැබුනා..''
●ඔබ විවාහවෙන කෙනා කිව්වොත් මම ඔයාව බලාගන්නම් ඔය දේවල් නවත්වන්න කියලා ඔබ මොකද හිතන්නේ....?
                  ''අපි dancing කරනවා කියලා දැනගෙන කොල්ලෙක් dancing කරන කෙල්ලෙක් එක්ක යාලු වෙනවා...හැබැයි ඊට පස්සේ කොල්ලා කියනවා ඔයා dancing කරන එක නවත්වන්න කියලා....ඒක වැරදි එයා දන්නවනම් ඒ dancing කරන කාලේ එයත් එක්ක යාළු උනේ කියලා එයාගේ ඒ දක්ෂතාවය එයාට කරන්න දෙන්න ඕන....කාන්තාවක් උනාම විවාහක් කරගන්න ඕන,ළමයි හදන්න ඕන,ඒ දේවල් නිසි වයසෙදි කරගන්න ඕන...ඒ දේවල් මම කරගන්නවා මේ දේවලුත් කරගෙන....මම කියන්නේ අපි independent වෙන්න ඕන...independent වෙන්න කියන්නේ තනි තීරණ ගන්න එක නෙවෙයි මම තීරණයක් ගනිද්දි නංගිලා දෙන්නගෙන අහනවා,යාළුවන්ගෙන් අහනවා මට හොඳ යාළුවො ටිකක් ඉන්නවා....අපි ගැන අපිට බලාගන්න පුළුවන් වෙන්න ඕන....තමන් ගන්න තීරනේ ගැන වගකීමක් තියෙන්න ඕන තමන්ගන්න තීරණය ගැන කොයි වෙලාවෙවත් පසුබට වෙන්න හොදනෑ....''
●ඔබ මුහුණ දුන් ප්‍රධාන අභියෝගය කුමක්ද ජීවිතේ....?
                  ''අම්මා නැති උනාට පස්සේ තනියම ජීවිතේ ගැටගහගත්ත එක....එතනින් එහාට මුකුත් ඕන නෑ මම හිතන්නේ....ඊට බපස්සේ පවුල් ජීවිතය අසාර්ථක වීම ඒ වගේ දේවල්...''
●ඔබට එල්ලවෙච්ච දරුණුතම විවේචනය මොකක්ද ජීවිතේ...?
                ''විවේචනනම් එහෙම දරුණුම කියලා නෑ...මඩ ගහන ඒවනම් තියෙනවනේ..එහෙම දරුණුම එකක් කියල මගේ ඔළුවේ නෑ...?
●තරුණියක් වීම නිසා  ඔයා මුහුණ පාන ප්‍රශ්න මොනාද සමාජ මාධ්‍ය තුල...?
                ''ඒකතමයි තියෙන ප්‍රධානම ගැටළුව...මම හූවක් තිබ්බොත් මට බනිනවා...මෙතන කොල්ලෙක් හූවක් තිබ්බොත් ෂා මරු එල එලකියනවා...ඒක තමයි තියෙන ප්‍රධානම ගැටළුව...ලංකාවේ කෙල්ලේක් ඉස්සරහට යනකොට මොනවාම හරි කරලා කකුලෙන් අදිනවා...මම දැක්කා ඇදිත්‍යා නංගිට කොච්චර මඩ ගැහුවද,ඒ ළමයා කරපු වැරැද්දකුත් නෑ...ඒ වගේ හැමදේකම වැරැද්දක් දකිනවා මම කියන්නේ නැ කෙල්ලෙක්ට පිරිමි කෙනෙක්ම කකුලෙන් අදිනවා කියලා...සමහර වෙලාවට කෙල්ලොත් ඉන්නවා....හැබැයි social media ගත්තම  කොල්ලෙක්ට වැඩිය කෙල්ලෙක්ට ඉස්සරහට එන්න දෙන්නේ නෑ...මොනවම හරි කියනවා ඇඳුමකට හරි මොනවා හරි කියනවා...''
●social media platform ගත්තම කොහොමද ඉස්සරහට තරුණියන්ට තියෙන අවස්ථා මේ දේවල් වලින්...?
               ''හැමදේකින්ම අපි බය වෙන්නේ නැතුව වැඩ කරන්න ඕන...දැන් ගොඩක් අය බය වෙලානේ ඉන්නේ...හැමෝටම කියන්නේ ඒකයි තමන් දෙයක් කරන්න ඉන්නවනම් ඒ දෙ හිත හිත ඉන්නේ නැතුව පටන්ගන්න ඕන....අනිත් දේ තමයි අපි හැමෝම හිතාගෙන ඉන්නේ අපිට මේ ආත්මේ විතරයි තියෙන්නේ කියලා ඒකයි අපි මේ වගේ හැසිරෙන්නේ...comment එකක් දාලා හරි ඒ කෙනා කරගන්නෙ පවක්...අපි හිතන්න ඕන එකම දේ අපට මේ ආත්මේ විතරක් නෙවෙයි අපට තව ආත්ම තියෙනවා කියන දේ...පව් පරෝගන්න එපා අපිට පව් කරන්න මාර ලේසි...ඒක කරන්න එපා කී දෙනෙක් විදවනවා ඇතිද...පිටරට වල සමහරක් අය video කරනවා ඇතිදෙයක් නෑ ඒත් මිනිස්සු බනින්නේනෑ...ඒ මිනිස්සු හැදිලා තියෙන විදිහය...මම ලංකාවට බනිනවා නෙවෙයි ආදරෙයි ලංකාවට...අපිමයි මේ දේවල් හිතන්න ඕන...''


●හොඳම comment ආව video එක මොකක්ද...?
                        ''එහෙම මතක නෑ ඇත්තටම....හැම එකටම හොද ප්‍රතිචාර තියෙනවා ඉතිං....''
●නංගිලා දෙන්න ගැන ඔබට තියෙන බලාපොරොත්තුව මොකක්ද...?
                     ''නංගිලා දෙන්නව මම එදා වගේම ඉස්සරහටත් බලාගන්නවා....මම ඉන්නකල් ඒ දෙන්නට වරදින්නේ නෑ...ඒ ගැන බයක් නෑ...මම ආසයි චූටි නංගිත් මම මේ කරන දේවල් කරනවනම්..එයා අධ්‍යාපන කටයුතු කරනවා හොදට...මගේ බලාපොරොත්තුව ඒ දෙන්න marry කරලා ලස්සනට ජීවත් වෙනවා බලන්න...''
●අම්මා බලාගෙන ඉන්නවනම් කොහේ හරි ඉදගෙන අම්මට ඔයාගේ තියෙන ආදරේ කෙහොමද කියන්නේ...?
                      ''ඒක කියන්න ගියොත්නම් මෙතන  ඇඩෙයි...එයා ඉන්නවා කියලා ඉතිං අනිවාර්යෙන් දන්නවා...මට හිතාගන්න බෑ...කතා කරනකොට මම ඔය බර මාතෘකා ගැන කතා කරන්න දන්නේ නෑ...''

 - ළහිරු මුදලිගේ