
‘වයඹ රුවන් පිරිතේ හඬ’ නමින් සිදුකළ පිරිත් දේශනාවක් අතරතුර සංවිධානය කර තිබු කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දින සැමරුමක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වෙයි.
අසිරිමත් වෙසක් හඬ නිහඬ නොකළ වයඹ “රුවන් පිරිතේ” හඬ නමින් කොවිඩ් වසංගතය දුරුවේවා යැයි ප‍්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය සංවිධානය කළ මෙම පිරිත් දේශනය පොලිස් ස්ථාන පරිශ‍්‍රයේ දී පවත්වා ඇත.
එම පිරිත් දේශනය ශ‍්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා ඊයේ (30) දිනයේ සහභාගී වී තිබුණ අතර කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දිනය එදිනටම යෙදී තිබීම හේතුවෙන් උපන්දින කේක් ගෙඩියක් ද සකස් කර තිබුණු අතර නගරාධිපතිවරයා විසින් එම කේක් කපා එහි සිටි අයටද පිළිගන්වා තිබුණා.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට විශේෂ කණ්ඩායමක් පත්කර තිබෙන අතර
කුරුණෑගල පොලිස් ස්ථානය තුළදී කුරුණෑගල නගරාධිපතිවරයාට නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සිය
උපන්දිනය සැමරීමට ඉඩදීම සම්බන්ධයෙන් කටයුතු කළ සහකාර පොලිස් අධිකාරිවරයාව වහාම ස්ථාන
මාරුකර තිබේ.
ස්ථාන මාරුවට අදාළ තීරණය පොලිස් මූලස්ථානය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය
පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval