
කොවිඩ් රෝගය වැළඳුණු දරුවන් 15 දෙනකු අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවැසීය.
කෙසේ වෙතත් මේ දරුවන් කිසිවකුටත් බරපතළ සංකූලතා නැතැයි කී අධ්‍යක්ෂවරයා නව කොරෝනා රැල්ලත් සමග කොවිඩ් ආසාදිත දරුවන්ගේ වැඩිවීමක් පෙනෙන්නට තිබෙන බව ද ප්‍රකාශ කළේය. කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ මේ වනවිට දැඩි තදබදයක් පවතින බවත් තත්ත්වය එසේ වුවද එහි කටයුතු මැනැවින් කළමනාකරණය කරගැනීමට හැකිවී ඇති බවත් අත්තනායක මහතා කීය.
රෝහලේ ඔක්සිජන් ගබඩා පුළුල් කිරිමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි ද ඔහු පැවසීය. මේ අතර රෝහලේ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍යවරුන් සිවුදෙනකු හා හෙදියන් පිරිසක් පසුගියදා ලබාදුන් බව එහි නිලධාරීහු පවසති. කොරෝනා ආසාදිත සංකුලතා බහුල රෝගීන් වැඩි වශයෙන් ඇතුළත් කරනු ලබන්නේ අංගොඩ බෝවන රෝග විද්‍යායතනයටයි.
Comments
Post a Comment
Your comment will be visible after approval