
පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී පාසල් ගුරුවරුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව ඒ ගාල්ල – සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සන්ධ්‍යා විතාරණ මහත්මිය, කුරුණෑගල – මලියදේව බාලිකා විද්‍යාලයේ ඊනිඩ් ද සිල්වා මහත්මිය හා කෑගල්ල – ස්වර්ණ ජයන්ති විද්‍යාලයේ තෙන්නකෝන් මහතා යන ගුරුමහත්ම මහත්මියන් තිදෙනා වසංගත තත්ත්වයෙන් මිය ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කරන්නේ සමාජය හා සෘජුවම ගැටෙන ගුරු හා විදුහල්පතිවරුන් හට කොවිඩ් මර්දන වැක්සීනය ලබාදෙන ලෙස මීට පෙරද අවස්ථා කිහිපයකදීම බලධාරීන්ගෙන් ඉල්ලීම් කල බවයි.
කෙසේ වෙතත් එම ඉල්ලීම්වලට ප්‍රතිචාර නොලැබීමේ ප්‍රතිපල ලෙස ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව ඇති බවත් යළිත් නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට කොවිඩ් වැක්සීනය ලබාදීමට කටයුතු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කල යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval