
කොවිඩ් වසංගතය ව්‍යාප්තිය අවම කිරීම අරමුණු කර ගනිමින් සහ දිවයින පුරා බලපැවැත්වෙන සංචරණ සීමා හේතුවෙන් එළැඹෙන 24 සහ 25 දෙදින රජයේ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට තීරණය ගත් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි පැවසීය.
එහෙත් මෙම දිනයන් බැංකු සහ වෙළෙඳ නිවාඩු ලෙස නොසැලකෙන බවද හෙතෙම සඳහන් කළේය.
මීට අදාළ යෝජනාව විෂය භාර ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් ඊයේ (18 වැනිදා) පැවැති විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා අනුමැතිය හිමිවී තිබේ.
මේ අතර රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයට අදාළ වැටුප එළැඹෙන 21 වැනිදා ලබා දීමට ද තීරණය කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval