
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශය තුළ දින 16ක් ඇතුළත කොරෝනා ආසාදිත රෝගීන් 400ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අනාවරණය කර තිබේ.
මෙම රෝගීන් අතර තම ප්‍රදේශයේ ලොක් ඩවුන් ඉවත් කිඍීමට බලපෑම් කළ අමාත්‍ය ගාමිණී ලොකුගේ ගේ බෑණෑ කෙනෙක් ද සිටින බව වාර්තා වේ.
එම ප්‍රදේශයෙන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඊයේ (04) වන අතර එම ගණන 147ක් බවත් ඉකුත් 30දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 268 කින් එම රෝගීන් වාර්තා වී ඇති බවත් වාර්තා වේ.
එය ප්‍රතිශතයක් ලෙස 55% ක් බවත් එම ප්‍රකාශකයා කීය.
මෙතෙක් වැඩිම රෝගීන් පිරිස වාර්තා වී ඇත්තේ දැල්තර නැගෙනහිර ග්‍රාම සේවා වසමේ කහපොල වත්ත ප්‍රදේශයෙනි.
එහි අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවති අවුරුදු උත්සවයකට සහභාගි වූ සියලුම පිරිස ට කොරෝනා වෛරසය ආසාදිත වී තිබිණි.කෙසේවුවද, එහි තවත් පී.සී.ආර්. පරීක්ෂණ 354 ක වාර්තා ලැබීමට නියමිතව ඇතැයි ද මේ අතර වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval