
ගාල්ල හපුගල නවෝද්‍යා පාසලේ ක්‍රීඩාපිටියේ ව්‍යායාම කිරීම අතරතුර ඇද වැටීමෙන් 49 වියැති පුද්ගලයකු ඊයේ (09 වැනිදා) උදෑසන මියගොස් ඇතැයි පෝද්දල පොලිසිය කියයි. මියගොස් ඇත්තේ කිතුලම්පිටිය, උළුවිටිකේ, සිල්වගේ වත්තේ පදිංචිව සිටි කන්දෙගොඩ ගමගේ නිහාල් නමැත්තෙකි. මියගිය අය කොග්ගල, පශු වෛද්‍ය කාර්යාලයේ සේවයේ නියුක්තව සිටි සේවකයකු බවද පොලිසිය කීය.
ගාල්ල බෝපේ කොට්ඨාසයේ හදිසි මරණ පරික්ෂක සිරංගිකා ලොකු කරවිට මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරික්ෂණය සිදුකර පී.සී.ආර්. පරික්ෂණය සිදු කිරිම සඳහා දේහය කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමුකර තිබේ. පෝද්දල පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි
Comments
Post a Comment
Your comment will be visible after approval