
රෝහල්වල ඉඩපහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 226 දෙනෙක් අතරින් 114 ක් නිවෙස්වල සිටින බව වාර්තාවේ.
හබරාදුව 36ක්, අම්බලන්ගොඩ 35ක්, ඉමදුව 13ක්, රත්ගම 09ක්, ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 08ක්, බෝපේ පොද්දලින් 08ක්, කරන්දෙණිය 04ක්, බලපිටිය 03ක්, හික්කඩුවෙන් 04ක්, වැලිවිටියෙන් 02ක්,
උඩුගම රෝගින් 02ක්,අක්මිමන 01ක්, ඇල්පිටියෙන් 01ක් වශයෙන් රෝගින් 114 දෙනෙකුට මේ ආකාරයට නිවෙස් තුළටවී සිටින්නට සිදුව ඇත.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා මේ ගැන මෙසේ පවසා තිබේ.
“දකුණු පළාතේ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන 08ක ඇදන් 1400ක් තියෙනවා. එම ඇඳන් කොරෝනා
රෝගින්ගෙන් පිරිගොස් තියෙනවා. දකුණු පළාතේ රෝගින් පමණක් නෙවෙයි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම
කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානලට රෝගීන් රැගෙන එනවා. එම නිසා යම් රෝගින්
සංඛ්‍යාවක් කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කිරිමට නොහැකිවි තියෙනවා. ඇඳන්
හිස්වන වන ප්‍රමාණය අනුව තමයි රෝගින් ඇතුළත් කිරිමට හැකිවන්නේ. “
ලලිත් චාමින්ද
Comments
Post a Comment
Your comment will be visible after approval