fb-group-solder-arrested

බිරින්දෑවරුන් හා ස්වාමි පුරුෂයන් හුවමාරු කර ගැනීමේ සංගමය නමින් පසුගිය කාලය පුරා අනියම් ඇසුරට අදාළ  තොරතුරු හුවමාරු කරගෙන තිබූ facebook සමූහයක් ගැන තොරතුරු වාර්තාවේ.


මෙම සංගමයේ සාමාජිකයින් වැඩිදෙනා පිරිමින් වී ඇති අතර ඇතැමුන්  ගැහැනු නම් වලින් පෙනී සිටි පිරිමින් බවද වාර්තාවී ඇත.මෙම සංගමයේ අභිලාෂය වී ඇත්තේ තමතමන්ගේ බිරියන් තාවකාලිකව හුවමාරු කරගැනීමය.
ඉතාම අශ්ලීල භාවිතාවක් වූ මෙහි හුවමාරුවන වචන ඡායාරූප පවා අතිශය ජුගුප්සාජනකවූ බව කියැවේ.
වැඩිදුර සොයාබැලීමේදී ඇතැමුන් විනෝදය පිණිසද මෙම සමූහය භාවිත කර තිබෙන අතර මෙම කටයුතු ගැන කිසිවක් නොදන්නා අයගේ ඡායාරූප හා දුරකථන අංක හුවමාරු කරමින් සමාජයේ විවිධ අය අපහසුතාවයට ලක්වන ආකාරයේ සන්නිවේදනයන්ද සිදු කර තිබේ.
බිරින්දෑවරුන් හා ස්වාමි පුරුෂයන් හුවමාරු කර ගැනීම් සංගමය නමින්  නම් කර තිබූ මෙම facebook සමූහයේ කාන්තාවකගේ ඡායාරූප පළ කර අසභ්‍ය වදන් එක් කිරීම් සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබීම නිසා පොලිසිය මේ ගැන විමසිලිමත්විය.
 25 හැවිරිදි ගුවන් හමුදා සෙබළකු මෙම කටයුත්ත සිදු කර ඇති බව රහස් පොලිසිය මගින් තොරතුරු අනාවරණය කරගත් අතර  ගුවන් හමුදා ඩ්‍රෝන කැමරා ක්‍රියාකරුවක වන සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ කාන්තාවන්ගේ රූප සමග අසභ්‍ය වදන් පළ කරමින් ලිංගික අතවර කිරීමේ කරුණු මතය.    
මොහු ඒ සඳහා යොදාගත් ජංගම දුරකථන ආදිය ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.


මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර ඇත. මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ බදුරලිය ප්‍රදේශයේ පදිංචි රංග නිරෝෂණ නමැත්තෙකි. මොහු විසින් කාන්තාවන් විශාල පිරිසකගේ ඡායාරූප මීට එක් කරනුලැබ ඇති අතර ඒවා සමග ඉතාමත් අසභ්‍ය වදන් පළ කර තිබූ බවද පොලිසිය කියයි.
මෙම අසභ්‍ය ෆේස්බුක් සමූහයේ සාමාජිකයින්ට තමා මුහුණදුන් ලිංගික අත්දැකීම් රසවත්ව විස්තර කරන්නට අවස්ථාව සලසා දී තිබූ බවත් අසභ්‍ය පත්තරවල පරණ කතා ඇසුරින් ව්‍යාජ ලෙස ප්‍රබන්ධ කර සාමාජිකයින්ගේ කුතුහලය ඇවිස්සෙන ආකාරයට බිරින්දෑවරු හුවමාරු කරගෙන කරනා දේවල් රචනා කර පළකර තිබූ බවත් වාර්තා විය. මෙම සමූහය පවත්වායාමට සම්බන්ධවූ අනෙක් පුද්ගලයින් ගැනද විමර්ශන සිදුවේ.