
මත්තල සිට කටුනායක දක්වා ගමන් ගන්නා සියළුම රථ වාහන අද කහතුඩුව පිවිසුමෙන් පිටත් කර යැවෙන
බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලක මැදිරිය ප්‍රකාශ කළේය.
ඊට හේතු වී ඇත්තේ කොට්ටාව, අතුරුගිරිය, කොතලාවල සහ කඩුවෙල යන පිවිසුම්වල සේවකයින් කිහිප
දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබීමයි.
ඒ අනුව කහතුඩුව පිටවීමෙන් මුදල් ගෙවා රියදුරන්ට රථ වාහන පිටතට දැමිය යුතු අතර අධිවේගී මාර්ගයේ
කටුනායක දෙසට ඇති ඉදිරි පිටවීමකින් වාහන ඉවතට ගැනීමට අපේක්ෂා කරන රියදුරන්ට යළි කහතුඩුවෙන්
අධිවේගී මාර්ගයට පිවිස කටුනායක දෙසට ගමන් කළ හැකියි.
ඒ අනුව ගෙවීම් කවුළු විවෘතව පවතින ස්ථානවලදී පමණක් රියදුරන්ට මුදල් ගෙවීම් කළ හැකි අතර අනෙකුත්
පිටවීමේ ස්ථානවලදී මුදල් ගෙවීමක් සිදුනොකර පිටව යා හැකියි.
Comments
Post a Comment
Your comment will be visible after approval