
පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ පිලියන්දලින් සහ කැස්බෑවෙන් කොරෝනා ආසාදිත 360 දෙනකු ඊයේ (10) දින පෙරවරු 6න් අවසන් වූ පැය 24ක කාලයේ දී හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
(මෙම සංඛ්‍යාවන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශ සංඛ්‍යා අතර වෙනසක් පවතී)
ෙමම පිරිස, කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (10) දින පෙරවරු 6න් අවසන් වූ පැය 24ක කාලයේ දී හඳුනාගත් කොරෝනා රෝගීන් 755 දෙනා අතුරින් වැඩිම පිරිස බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව, පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ පිළියන්දලින් 180 දෙනකු ද, කැස්බෑවෙන් 180 දෙනකු ද එසේ හඳුනාගෙන ඇත. එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වන්නේ කොළඹ මහ නගර සීමාවෙන් වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 131 ක් බවය. කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගමින් 57 දෙනකුද, පාදුකෙන් 38 දෙනකුද, අවිස්සාවේලෙන් 28 දෙනකුද, මොරටුවෙන් 15 දෙනකුද, බොරලැස්ගමුවෙන් 12 දෙනකු ද, අතුරුගිරිය, වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින් 10 දෙනකු බැගින් ද ආසාදිතයන් එම මධ්‍යස්ථානය පවසයි.
කොම්පඤ්ඤවීදිය, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, මට්ටක්කුලිය, අඟුරුවාතොට, ආදුරුප්පුවිදිය, අවිස්සාවේල්ල, හංවැල්ල, කොහුවල, කොල්ලුපිටිය, කොස්ගම, මාලිගාවත්ත, මත්තේන්ගොඩ, මීපේ, මොරගහහේන, මොරටුමුල්ල, ගල්කිස්ස, පන්නිපිටිය යන ප්‍රදේශවලින් ද කොරෝනා ආසාදිතයන් 10 දෙනකුට අඩු සංඛ්‍යාවක් ඊයේ (10) දින පෙරවරු 6න් අවසන් වූ පැය 24ක කාලයේ දී වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval