
කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවන් තිදෙනෙකු හා පිරිමින් තිදෙනකු රෝහලින් පළායාමේ සිදුවීමක් නිසා ගැටලුකාරී තත්වයක් පැනනැගී ඇත.
රෝහලේ අංක 03 කොවිඩ් වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මෙම හය දෙනා රාත්‍රී කාලයේ රෝහලේ බැම්මට ඉහලින් ඇති දැල් ආවරණ තුනක් ඉවත්කර පැනගොස් ඇති බව වාර්තාවේ.
පැනගිය අය තවත් ස්ථානවලට ගමන් කර රෝගය පතුරාවි යන සැකය මත ඔවුන් සොයා පරීක්ෂණ අරඹා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval