
ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් කෙනෙක් දෙවැනි මාත්‍රාව ලෙස චීන සයිනොෆාම් එන්නත ලබා නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දන්වා සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස් එම් ආනල්ඩ් අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැනුම් දුන්නේය.
පසුගිය දිනවල එය ලබාගත් අය හමුවී ඇති බව ඔහු දන්වා සිටියේය.
ඇස්ට්‍රාෙසනිකා ඉතිරි තොග ඉදිරියේදී ලංකාවට ලැබෙනු ඇතැයි අපේකසා කරන නිසා එම ගැටලුව නිරාකරණය වන බවට බලාපොරොත්තුවෙන් සිටින ලෙසද ඔහු කීය. මීට අමතරව
කොරෝනා වැළදී සුවවූ අයට එන්නත් ලබාගත හැකි බවද ඔහු පැවසීය.
විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවේ කිරිදෙන මවවරුන්ට එන්නත ලබාගැනීම ගැටලුවක් නැති බවයි.කොරෝනා වැළදී ඇති මවකට කිරිදීමේ ගැටලුවක් නැති බවද දරුවාට නිතර සමීපවීම අවම කර එය කළ හැකි බවද ඇය කීවාය.
Comments
Post a Comment
Your comment will be visible after approval