
2.20pm update
අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදා හැර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ රුපියල් ලක්ෂ 10 බැගින් වන පුද්ගලික ඇප මත ඔවුන් දෙදෙනා මුදා හැර ඇති බවයි.
වැඩිදුර නඩු විභාගය ලබන අගෝස්තු 27 වනදා සිදුකරන බව සඳහන්වේ.
12.20pm
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දුන්නේය.
ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (30) රාත්‍රියේ කොළඹ තරු පහේ හෝටලයක දී උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් බවත් එහිදී ඔවුන් ඉතාම අනවශ්‍ය ලෙස සමීප වෙමින් නිරෝධායන රීති උල්ලංඝනය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන් ව කොළඹ කොටුව පොලීසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු අද දින අධිකරණයට ඉදිරිපත් කරන බවද කීය.
සෞඛ්‍ය රීතීන් උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ඊයේ (30) රාත්‍රියේදී ප්‍රිය සාදයක් පවත්වා තිබෙන බවත්
මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ දී පුද්ගලයින් 25 -30 ත් අතර එක්ව සිටි එම සාදයට පැමිණි 12දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.
සෙසු පිරිස හඳුනාගැනීමට CCTV දර්ශන මේ වන විට පරීක්ෂා කරමින් සිටින බට පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, හෝටල් වසා දමා සංචරණ නීති පනවා තිබියදී ෂැංග්‍රිලා හෝටලය මෙවැනි සාදයක් පැවැත්වීම සදහා අවසර ලබා දීම ගැටලුකාරී බව කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval