පුවීන නිළියක වන සබීතා පෙරේරා මහත්මියගේ සැමියා වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා ශරීර සුවතාව සඳහා මහමාර්ගයේ ඇවිද යමින් සිටයදී ඊයේ (24) පස්වරුවේ මහා මාර්ගයේ සිහිසුන්ව ඇද වැටී ඇත.
කුරුදුවත්ත පොලිස් වසමට අයත් ප්‍රදේශයකදී මෙම සිදු වීම වී ඇත්තේ ඊයේ පස්වරු 5.15 ට පමණය.
මාර්ගයේ ගමන් ගත් කිහිපදෙනකු ඔහු වැටී සිටිනු දැක වහාම පොලීසිය හා ගිලන් රථ කැදවීමෙන් පසුව ඔහු රෝහල්ගත කර ඇත. අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මේ වන ඔහු කොලඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval