
ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා දෙකම ගත් හෙදි නිලධාරිනියක සහ හෙද නිලධාරියකු කොරෝනා රෝගයට ගොදුරුවී ඇතැයි අනුරාධපුරයේ සෞඛ්‍ය බලධාරිහු පවසති.
හෙද නිලධාරිනිය තඹුත්තේගම මුලික රෝහලේ සේවය කරන අතර, හෙද නිලධාරියා සේවය කරන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේය. ඔවුන් දෙදෙනා හදිසියේ රෝගාතුරවීම නිසා සිදු කළ පී.සී.ආර්. පරික්‍ෂණවලදී දෙදෙනාම කොරෝනා රෝගීන් බව තහවුරු වී ඇත.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදුන් දෙවතාවේදීම එම එන්නත ලබාගත් බව ඔවුන් සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇත. ඔවුන් දෙදෙනා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කර ඇතැයි අනුරාධපුරයේ සෞඛ්‍ය බලධාරිහු සඳහන් කළහ.
- අතුල බණ්ඩාර-
Comments
Post a Comment
Your comment will be visible after approval