
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.
එමෙන්ම සියලු දිස්ත්‍රික් කාර්යාලවල ප්‍රායෝගික සහ ලිඛිත පරික්ෂණ අත්හිටුවීමට ද තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කාර්යාල සේවකයින් රැසක් ආසාදිතයින් ලෙස වාර්තාවීම හා ඒ නිසා අනෙක් සේවකයින් සේවයට පැමිණීමට මැළිකමක් දැක්වීම නිසා මෙම තීරණය ලබාගෙන ඇති බව දැනගන්නට තිබේ.
මීට පෙර සතියේ දන්වා තිබුනේ සෞඛ්‍යාරක්ෂිතව සිදුකළ හැකි වැඩ කොටස සදහා වෙනත් දින ලබාදෙමින් කාලසටහනක් මත වැඩ කරන බවක් වන නමුත් මේ වනවිට එම තීරණය හකුලාගෙන මුළුමණින් වසා දැමීමේ තීරණය ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval