
බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටත්ව ගියේ රටට සෙතක් වන වැඩක් වෙනුවෙන් බවත් එය දැන්ම අනාවරණය කළොත් ඒ වැඩේ හරියට කරගන්න බැරි බවත් කළ පසුව ඒ ගැන කියන බවත්
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
බැසිල් විදේශගත වී එතුමාට කල හැකි බලපෑම් හරහා රටට සෙතක් කිරීමට සූදානම් බවත් ඔහු කීය.
එහි යහපත් ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට දැකගත හැකි බවත් එය දැන්ම අනාවරණය කළහොත් එයද කඩාකප්පල් විය හැකි බව ඒ මහතා සඳහන් කරයි.
විදෙස්ගත වීමට ප්‍රථම සියලු වැඩකටයුතු සැලසුම් කළ බවත් රජය අභ්‍යන්තරයේ කිසිඳු ගැටළුවක් නොමැති බවත් ඒ මහතා පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval