Oregon-lottery-covid19

ඔරිගන් නමැති ඇමරිකාවේ ප්‍රකට ලොතරැයි දිනුම් ඇදීම සිය අලුත් ලොතරැයි දිනුම් ඇදීම් වලින් එන්නත ලබාගැනීම ප්‍රවර්ධනය හා කොරෝනා එන්නත් අරමුදල තර කිරීමට අපේක්ෂා කරන බව දන්වා තිබේ.
එන්නත ලබාගන්නා අය ඔරිගන්හි ලියාපදිංචිය ලැබීමෙන් පසු එන්නතට හිමි කාඩ්පත් අංකය ද ලියාපදිංචි කළ යුතු අතර එවැනි අයට ලොතරැයි අංකයක් ලබාදී මෙම දිනුම් ඇදීම සිදු කෙරේ.




මෙම ලියාපදිංචිය ගාස්තුවකට යටත්වන අතර ඒ ආදායම අරමුදලට බැර කෙරේ.
විශේෂයෙන් එන්නත් සඳහා යන වියදමටත් වඩා එන්නත් ලබාගැනීමට උනන්දු කිරෙීමේ පණිවිඩය මාධ්‍ය හරහා පුළුල් ලෙස ප්‍රචාරය කිරීමට මෙම අරමුදල යෙදවීමට අපේක්ෂා කෙරේ.
සිකුරාදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි බලධාරීන් දන්වා සිටියේ ඩොලර් මිලියනයක් දිනා ගැනීමේ අවස්ථාවක් ලබාදෙමින් කොරෝනා අරමුදල් ප්‍රවර්ධන ලොතරැයිය මුල්වරට වෙළෙඳ පොලට ඉදිරිපත් කරන බවය.