කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර ඡන්ද විමසීමේ දී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
ඒ අනුව වැඩි ඡන්ද 89කින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත වුණි.
පනතට පක්ෂව ආණ්ඩුවේ සියලුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයයි.
මේ වන විට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධ කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන අතර එහිදී ඊට අදාළ සංශෝධන එක් කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval