
පුද්ගලයන්ට විවිධ තෑගි ලැබී ඇති බවට මුහුණුපොත හරහා පණිවිඩ යවන්නේ රුපියල් ලක්ෂ 5ක පමණ මුදලක් වංචා කළ බව කියන මලාවි ජාතිකයෙක් අත්තිඩිය ප්‍රදේශයේදී පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු නවාතැන් ගෙන සිටි නිවසේ තිබී මෙරට බැංකුවලට අයත් ක්‍රෙඩිට් කාඩ්, බැංකු කාඩ්, අයිස් මන්ද්‍රව්‍ය, හෙරොයින්, ලැප්ටොප් දෙකක් සහ ජංගම දුරකතන දෙකක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.මුහුණුපොත හරහා හඳුනාගත් පුද්ගලයන්ට යම් යම් තෑගි ලැබී ඇති බවට ව්‍යාජ කෙටි පණිවිඩ යවා ඇති බවත්, එම තෑගි ලබා ගැනීමට යම් මුදලක් ගෙවන ලෙසට පවසමින් සැකකරු මෙම වංචාව සිදුකර ඇති බවත් පොලීසිය කියයි.මලාවි ජාතිකයකු වන සැකකරු මීට මාස කිහිපයකට පමණ පෙර මෙරටට පැමිණි පුද්ගලයෙකි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.පෑලියගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
(ඉන්දිකා රාමනායක)
Comments
Post a Comment
Your comment will be visible after approval