
වසර 23ක පමණ කාලයක් තිස්සේ පාසල් සිසුන් ප්‍රවාහනය කිරිමට යොදාගත් වෑන් රථය සිය දියණිය විකුණා දැමු නිසා දිවිනසා ගන්නා බවට ලිපියක් ලියා තබා 66 හැවිරිදි පියකු පෙරේදා (6) සවස දිවිනසාගෙන ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
මෙසේ සිය දිවි නසාගෙන ඇත්තේ පිළියන්දල පොලිස් වසමට අයත් මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සිරිසේන ආරච්චිගේ මජීඩ් (66) නමැත්තෙකි. වැන් රථය විකුණු දිනයේම මොහු සිය දිවි නසාගෙන ඇති බව පැවසේ. වෑන් රථය දියණිය විකුණා දැමූ නිසා මෙවැන්නක් කරගන්නා බවට ඔහු ලිපියක් ලියා තිබූ බවත් එම ලිපියද පොලිස් බාරයට ගත් බවත් පිළියන්දල පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
වසර 23ක කාලයක් වෑන් රථයෙන් සිසුන් ප්‍රවාහනය කර ඇත්තේ මෙම පුද්ගලයා බව පොලිසිය පවසයි. වෙනත් වාහනයක් මිලදී ගැනීමට මෙම වෑන්
රථය විකුණා දැමූ බව සිය දිවිනසාගත් පුද්ගලයාගේ දියණිය සිද්ධියට අදාළ ප්‍රකාශයක් ලබාදෙමින් පොලිසියට පවසා ඇත.
ගෙවත්තේ පිහිටි ගසක එල්ලී 66 හැවිරිදි පුද්ගලයා සිය දිවි නසාගෙන තිබිණි යැයි ද පොලිසිය කීය.
පිළියන්දල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval