
නාත්තන්ඩිය අධ්‍යාපන කලාපයට අයත් කනිෂ්ඨ විද්‍යාලයක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක ගැබිනියක් කළ බව කියන 14 හැවිරිදි සිසුවකු පෙරේදා (30) අත්අඩංගුවට ගත් බව මාරවිල මූලස්ථාන පොලිසිය කියයි. මෙම සිසුවා 15 හැවිරිදි සිසුවියගේ පෙම්වතා බවද කියති. මාරවිල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ කණ්ඩායමක් මාරවිල පොලිස් වසමේ පිහිටි සිසුවියගේ නිවසට ගොස් ඇය පොලිස් බාරයට ගෙන ඇත.
පොලිස් කණ්ඩායම නිවසට ගොස් ඇයගේ මවුපියන්ට මේ බව දැනුම් දෙන තෙක් තම දියණිය ගැබිනියක බව ඔවුන් දැන නැති බවත් සිසුවියද මෙය රහසක්ව තබාගෙන ඇති බවත් පොලිසිය කියයි.මෙම සිසුවිය ඉගෙනීමට දක්ෂ බවත් ඇය පාසලේ ශිෂ්‍ය නායිකාවක බවත් සඳහන්ය.පාසල් සිසුවිය ගැබිනියක වීම සම්බන්ධයෙන් ඇය ඉගෙනුම ලබන පාසලේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.මෙම සිසුවා සමඟ 15 හැවිරිදි සිසුවිය ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවද පොලිසිය කීය.වෛද්‍ය පරික්ෂණයක් සඳහා සිසුවිය රෝහල්ගතකර ඇත. සිසුවිය ගැබිනියක කළේ ඇයගේ පෙම්වතා බව කියන 14 හැවිරිදි සැකකාර සිසුවාද කියා තහවුරු කර ගැනීමට සිසුවිය දරුවා ප්‍රසූත කිරිමෙන් පසුව ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට පොලිසිය කටයුතු යොදා ඇත. සැකකාර සිසුවා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Comments
Post a Comment
Your comment will be visible after approval