
වලල්ලාවිට, පැලවත්ත එකේ කණුව ප්‍රදේශයේ පසුගිය අවුරුදු සමයේ මුදල් ඔට්ටුවට කැට ගැසීම සිදුකළ පුද්ගලයන් 22දෙනෙකු කොරෝනා ආසාදීතයින් බවට පත්ව ඇතැයි මීගහතැන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.
පසුගිය 23 දා සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ මගින් මෙම පිරිස් ආසාදිතයන් බවට තහවුරු වී ඇති අතර මෙම සූදු ක්‍රීඩාවට සහභාගීවු තවත් පිරිස් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේය.
මෙලස ආසාදිතයන් බවට පත්ව ඇත්තේ පැලවත්ත , පහළ හෙවෙස්ස , මිගහතැන්න, හා වලල්ලාවිට ලේදොළ ඇතුළු ප්‍රදේශ පදිංචිකරුවන්.
Comments
Post a Comment
Your comment will be visible after approval