
ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම නිෂ්පාදනය කළ රියදුරන් රහිත ස්වයංක්‍රිය ධාවක මෝටර් රථයක් සම්බන්ධව පසුගියදා සිදු වූ අනතුර පිළිබදව විමර්ශනයක් ඇරඹීමට එරට බලධාරීන් පියවර ගෙන ඇතැයි පවසයි.
පසුගිය සෙනසුරාදා රාත්‍රියේදී ටෙක්සාස් ප්‍රාන්තයේ ස්ප්‍රින්ගේ පළාතේදී මෙම අනතුර සිදුව තිබේ. මෙහිදී අනතුරට ලක් වූ රථය 2019 නිපදවුණු Tesla Model රථයක් ලෙස හඳුනාගෙන ඇත. අධික වේගයෙන් ධාවනය වී ඇති මෙම රථය මාර්ගයේ අසල තිබූ ගසක වැදී අනතුරුව ගිනි ගැනීමකට ලක්ව ඇත.එම අවස්ථාවේදී රථය තුළ දෙදෙනකු සිට ඇති බවත් ඔවුන් මෙම අනතුරින් මරණයට පත්ව ඇති බවත් පැවසෙයි. ඉන් එක් අයෙකු ඉදිරිපස අසුනේද, අනෙකා පිටුපස අසුන්ව සිට ඇත. ඒ අනුව පැහැදිලිවම එම අවස්ථාවේදී රථය ස්වයංක්‍රීයව ධාවනය වී තිබී ඇතැයි පැවසෙයි. එහෙත් එම අවස්ථාවේදී යොදාගෙන තිබුණේ ටෙස්ලා සමාගමේ ඔටෝපයිලට් ක්‍රමවේදයද, එසේත් නැත්නම් සම්පූර්ණයෙන්ම රථය ස්වයං ධාවනයකට යොමුකරවීමේ ක්‍රමවේදයද යන්න පිළිබදව මෙහිදී විමර්ශනය කරන බව බලධාරීන් පවසයි.



Comments
Post a Comment
Your comment will be visible after approval